Breaking News
Home / දේශීය පුවත් / ජෙෂ්ටයන්ගෙ දැඩි ස්ථාවරයක් එජාප අපේක්ෂකයා දැන්ම නම් නොවන ලකුණු සෙනසුරාදා තීරණයක්

ජෙෂ්ටයන්ගෙ දැඩි ස්ථාවරයක් එජාප අපේක්ෂකයා දැන්ම නම් නොවන ලකුණු සෙනසුරාදා තීරණයක්

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම තවදුරටත් ප‍්‍රමාදවීමේ තත්වයක් උද්ගතව පවතී.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාල කටයුතු අවසන් කිරීමේ අරමුනින් එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින් ඊයේ 13 රාත‍්‍රියේ අරලියගහ මනිදිරයේදී හමුවුවද සන්ධානය පිහිටුවීමේ එකඟත්වයක් ඇතිකරගැනීමට නොහැකි වූ බව පක්ෂ නායකයෙකු පැවසීය.

එජාප ජනපති අපේක්ෂක කම හයිජැක් කිරීමට දැනට රට පුරා පාක්ෂිකයන් අවුස්සමින් යන එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසද අරලියගහ මන්දිරයේදී පැවති සාකච්චාවට සහභාගී වී සිටියේය.

එක්සත් ජාතික පෙරමුණේ මූළිකත්වයෙන් සන්ධානය පිහිටුවීමේ කටයුතු දිගින් දිගටම ප‍්‍රමාද වීම හේතුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම තවත් කල් යාමේ තත්වයක් උද්ගතව ඇතැයිද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙකු වැඩිදුරටත් පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට පෙර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් නොකල යුතු බවට එක්සත් ජාතික පෙරමුණු නායකයින් අතර පවතින මතයද ඊයේ පැවති හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡවට ලක්කර තිබිණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ තවත් සාකච්චා වටයක් ලබන සෙනසුරාදා 17 පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවත් එම හමුවේදීවත් සන්ධානය පිහිටුවීමට අදාළව අවසන් තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බවත් එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයා වැඩිදුරටත් පැවසීය.

About article14

Check Also

පක්ෂයෙ එකමුතුභාවය වෙනුවෙන් සුවිශේෂි තිරනයක් ගැනීමට සූදානම් – රනිල්

පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් තමා ඕනෑම කැප කිරීමකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!