වයස අවුරුදු දහ අටේදි සිය පේශී පද්ධතියම බිද වැටි ඇදට සීමා වූ ශ්රී ලංකාවේ තරුණයෙකු ජීවිතය ජය ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් ලොව ජනප්රියතම සමාජජාලා වීඩියෝ නිෂ්පාදකයෙකු විසින් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
නුසීර් යසීන් නම් මෙම සමාජජාලා වීඩියෝ නිෂ්පාදකයා විසින් මෙම වීඩියෝව නිකුත් කර තිබෙන අතර එයට ලොව වටා බොහෝ සමාජජාලා ක්රියාකාරිකයන්ගෙන් උණුසුම් ප්රතිචාර හිමිව තිබුනා.
ශ්රී ලංකාවේ අලුත්ගම නගරයේ ජීවත් වන ඉර්ෆාන් හෆීස්ට වයස අවුරුදු දහ අට වන විට පේශී පද්ධතිය බිද වැටීමේ රෝගයට ලක් වෙනවා. එතැන් සිට යන්ත්රයක ආධාරයෙන් ජීවත් වන ඉර්ෆාන්ට ක්රියා කරවිය හැක්කේ එක ඇඟිල්ලක් පමණයි.
ඇදට සීමා වූ ඉර්ෆාන් තමන්ට ක්රියා කළ හැකි වූ එකම ඇඟිල්ලෙන් සිය ලැප්ටොප් පරිගණකයේ සහ ඇපල් දුරකථනයෙන් යතුරු ලියනය අරඹනවා, තනිව ඉංග්රීසි බස ඉගෙනීම අරඹන ඉර්ෆාන් මේ වන විට දුරකථනය හා පරිගණකය ආධාරයෙන් ග්රන්ථ තුනක් ලියා අවසන්.
ඉර්ෆාන් පිළිබදව ලෝකයේම අවදානයට ලක්වූ වීඩියෝව,
aperata