Breaking News
Home / දේශීය පුවත් / ජාති බේදයෙන් තොර ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම බුද්ධි අංශ නිලධාරියා කර්නල් තුවාම් නිශාම් ඝාතනයේ සැගවුන කථාව

ජාති බේදයෙන් තොර ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම බුද්ධි අංශ නිලධාරියා කර්නල් තුවාම් නිශාම් ඝාතනයේ සැගවුන කථාව

ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම බුද්ධි අංශ නිලධාරියා කර්නල් තුවාම් නිශාම් ඝාතනයේ කථාව !

2005 වර්ෂයේ මැයි 31 වෙනි දිනයයි. අගහරුවාදා දිනයක් වූ එදින මේජර් මුතාලිෆ් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට යා යුතුව තිබුණි. ඒ, පරිගණක පාඨමාලාවක් සඳහා ය. ඒ සඳහා සූදානම් වූ ඔහු සිය රථයේ පසුපස ආසනයේ අසුන් ගත්තේ ය. රියදුරු අසුනේ සිටියේ හේරත් ය.

එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් තමාට බරපතළ තර්ජන තිබෙන බව මේජර් මුතාලිෆ් දැන සිටියේ ය. එමෙන් ම හමුදාපතිවරයා ඇතුළු ඉහළ හමුදා නිලධාරීහු ද ඒ බව දැන සිටියහ. මේ නිසා මේජර් මුතාලිෆ් ගේ ආරක්ෂාව සඳහා මෝටර් රථ 4 ක් සහ හමුදා භටයන් 6 ක හෝ 8 ක අනු කාණ්ඩයක් ද ලබා දී තිබුණි.

බුද්ධි අංශ නිලධාරියකු වශයෙන් සුවිශේෂි චරිතයක් වූ මේජර් මුතාලිෆ් තමාට ලබා දී තිබූ ආරක්ෂක රථ සහ සෙබළුන් විවිධ උපක‍්‍රම යටතේ යොදා ගනිමින් ආරක්ෂාව තර කර ගත්තේ ය. ඇතැම් විට ඔහු හුදෙකලාව ද ගමන් කළේ ය. මෙදින ද මේජර් මුතාලිෆ් කල්පනා කර තිබුණේ මේ ගමන සඳහා රියදුරු පමණක් යොදා ගැනීමට ය.

මෙලෙස රියදුරු හේරත් සමඟ පෙරවරු 7.30 ට පමණ මේජර්වරයා නිවසින් පිටත් වූයේය. මෝටර් රථය නාරාහේන්පිට පාරේ ඉදිරියට ඇදෙන්නට විය. මේ අතර භද්‍රාවතී මහා විද්‍යාලය අසල වූ මාර්ග සංඥා පුවරුවේ රතු වර්ණය දැල්විණි. ඒ සමඟ ම තිරිංග තද කළ හේරත් වාහනය නවත්වා ගත්තේ ය. මේජර්වරයා ගේ මෝටර් රථය නතර කරත් ම ටේ‍්‍රල් වර්ගයේ යතුරුපැදියක් පැමිණ වාහනය අසල නතර කෙරිණි.

තරමක ඈත සිට බලන්නකුට යතුරු පැදියේ එම නතරවීම ප‍්‍රශ්නයක් මතු නොකරනු ඇත. ඒ මාර්ග සංඥා පුවරුවේ රතු පැහැ සංඥාව දල්වා තිබූ හෙයිනි. මේ යතුරු පැදියේ පුද්ගලයන් දෙදෙනකු වූහ.

දෙදෙනා ම මුහුණ ආවරණය වන සේ හිස් ආවරණ පැළද සිටියහ. මේ සමඟ ම යතුරු පැදියෙන් බැසගත්, පසුපස අසුනේ සිටි පුද්ගලයා හදිසියේ බැස මෝටර් රථය දෙසට ගමන් කළේය. ඊළඟ මොහොතේ කළු පැහැති ආයුධයක් අතට ගත් ඔහු මෝටර් රථය පසුපස ආසනය දෙසට එය මානන්නට විය.

මෝටර් රථයේ වීදුරුවක් පොඩි කරගෙන ඇතුළු වූ වෙඩි පහරවල් මේජර් මුතාලිෆ් ගේ සිරුර හරහා යන්නට විය. වෙඩි ප‍්‍රහාර එක දෙක එල්ල වන විට රියදුරු අසුනේ සිටි හේරත්ට කර ගැනීමට දෙයක් තිබුණේ නැත. ඔහු ආරක්ෂාව සඳහා රිය තුළ ම හිස පාත්කර ගත්තේ ය.

මොහොතින් සියල්ල නිශ්ශබ්ද වෙද්දී හේරත් හිස ඔසවා බැලුවේ ය.“ඔන්න සර් වෙඩි….” රියදුරු අසුනේ සිටි හේරත්ට කියන්නට හැකි වූයේ එපමණකි. ඒ සමඟ ම මේජර් මුතාලිෆ් ද සිය සේවා රිවෝල්වරය එළියට ගැනීමට උත්සාහ කළේ ය. එහෙත් මේජර් මුතාලිෆ් ට වඩා යතුරු පැදියේ ආ තුවක්කුකරුවා වේගවත් වූයේය.

මේජර් මුතාලිෆ් ලේ විලක් මැද වැටී සිටියේ ය. මෝටර් රථය එක්වර ම හරවා ගත් රියදුරා එය අසළ ම පිහිටි පෞද්ගලික රෝහල වෙත ගෙන ගියේ ය. එහෙත් මේජර්වරයා ගේ හිසටත් උරහිසටත් වෙඩි පහරවල් කිහිපයක් ම කිදා බැස තිබුණි. ඒ වන විටත් මේජර් තුවාන් මුතාලිෆ් සිය ජීවිතයට සමු දී අවසාන ය. මේ අතර යතුරු පැදියේ නැඟ ගත් ඝාතකයා විජය කුමාරතුංග මාවත ඔස්සේ වේගයෙන් ඉගිලී ගොස් තිබුණි.

යුද හමුදාවේ සිටි අතිදක්‍ෂ නිලධාරියකු වූ තුවාන් නිෂාම් මුතාලිෆ් උපත ලබා තිබුණේ 1966 ජුලි 11 වෙනි දින ය. කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ මුතාලිෆ් මහතා, 1986 ජුනි 2 දින ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදා සේවයට එක් වූයේය. දියතලාවේ පුහුණුව ලද මුතාලිෆ් මහතා අනතුරුව පකිස්ථානයේ ද පුහුණුවකට සහභාගි වූයේය.

ඔහු නැවතත් ලංකාවට පැමිණියේ දෙවන ලුතිනන් වරයකු වශයෙනි. පුහුණුවෙන් පසු උතුරු නැගෙනහිර රාජකාරියේ යෙදුණු ඔහු ඉන්පසුව බුද්ධි ඒකකයට එක් විය. තමා තුළ තිබු හැකියාවන් මගින් බුද්ධි අංශයේ කැපී පෙනෙන කාර්යයක් කරන්නට විය. මේ නිසා ම ඉහළ නිලධාරීන් ගේ අවධානය දිනා ගැනීමට ඔහු කෙටි කලකින් ම සමත් වූයේය.

ඔහු ගෙන ආ තොරතුරු ආරක්‍ෂක අංශ වලට වඩාත් වැදගත් විය. 1992 දී කපිතාන් ධුරයට පත් වූ මුතාලිෆ් මහතා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බුද්ධි අංශයේ අණ දෙන නිලධාරියා ලෙසට ද පත් කෙරිණි. මේ අවධියේ දී වන්නියේ සටන් විශාල වශයෙන් ඇවිලෙමින් තිබුණි. මෙහි දී විවිධ ආකාරයෙන් සිය කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට ඔහු කටයුතු කළේ ය.

වන්නියේ සිදු වන එල්.ටී.ටී.ඊ ප‍්‍රහාරයන් සහ කි‍්‍රයාකාරකම් පිළිබඳ කලින් තොරතුරු ලබා ගැනීමට මුතාලිෆ් මහතාට අවශ්‍ය විය. මෙහි දී වඩාත් උපක‍්‍රමශීලීව කටයුතු කළ ඔහු ලබාගත් තොරතුරු ඉහළ බලධාරීන්ට ද ලබාදීමට කටයුතු කළේ ය.

මෙලෙස ලබාගත් තොරතුරු මත හමුදාව ජයග‍්‍රහණ රැසක් අත්කර ගත්තේ ය. වරෙක ඔහුගේ බුද්ධි තොරතුරු ඒකකයට ලැබුණු තොරතුරු මගින් කියැවුණේ කොටි වන්නි ප‍්‍රදේශයේ ප‍්‍රදේශ කිහිපයක් අල්ලා ගැනීමට මෙහෙයුමක් සූදානම් කරන බවයි.

මේ පිළිබඳ මේජර් මුතාලිෆ් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැන්වීමට කටයුතු කළේ ය. එහෙත් ඒ පිළිබඳ ගත් කි‍්‍රයාමාර්ග පිළිබඳ වාර්තා නොවිණි. අවසානයේ දී සිදු වූයේ දින දෙකක් ගෙවී යත්ම කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරයක් එල්ල කිරීම ය. එයින් හමුදාවට විශාල හානියක් සිදු විය. මෙවැනි සිදුවීම්වලින් වුව මේජර් මුතාලිෆ් නොසැලුණේ ය. ඔහු සිය කාර්යයන් නිසි පරිදි ඉටු කෙළේ ය. මේ නිසා කල් යත් ම හමුදාවට ඔහු නැතිව ම බැරි පුද්ගලයෙක් විය.

විශේෂයෙන් ම යුද හමුදා දිගු දුර විමර්ශන මෙහෙයුම් ඒකකය වන්නියේ කොටි ප‍්‍රදේශවලට ම ගොස් කොටින්ට ප‍්‍රහාර එල්ල කළේ මේජර් මුතාලිෆ් ලබා තිබූ තොරතුරු මත ය.

මේ මෙහෙයුම් නිසා එල්.ටී.ටී.ඊ නායකයා ද දැඩි ලෙස අසීරුතාවකට පත්ව සිටියේ ය. ඔහු ගේ ආරක්ෂාවට නොයෙක් නව උපක‍්‍රම සොයා ගන්නට විය. එල්.ටී.ටී.ඊ යට එල්ල කෙරුණු දුර විමර්ශන මෙහෙයුම් ඒකකයේ ප‍්‍රහාර මගින් තවත් හානි ගණනාවක් සිදු විය.

ජේෂ්ඨ කොටි නායකයකු වූ වෛද්‍යලිංගම් ස්වර්ණ ලිංගම් හෙවත් “ශංකර්” මරණයට පත්වූයේ මේ ඒකකය නිසා ය. ශංකර් යනු එල්.ටී.ටී.ඊ ගුවන් ඒකකය බාරව සිටි නායකයා ය. එල්.ටී.ටී.ඊ ය තුළ ගුවන් බලය වර්ධනය වීම පමා වීමට ශංකර් ගේ මරණය බලපෑවේ ය.

එමෙන් ම 1989 දී මුහුදු කොටි අංශයේ නියෝජ්‍ය නායකයා වූ “කන්ගෙයි අමරන්” ද මරුමුවට පත්වන්නේ දිගු දුර විමර්ශන ඒකකයේ මෙහෙයුම් නිසා ය. තවත් අවස්ථා ගණනාවක දී මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීම ද හැකියාව ලැබිණි.

හමුදාව සතුව තිබූ මේ ශක්තිය නිසා එල්.ටී.ටී.ඊය අන්ද මන්ද වී සිටියේ ය. 2001 වර්ෂයේ සටන් විරාමයකට එල්.ටී.ටී.ඊ ය පැමිණීමට හේතුවක් ලෙසට ද යුද හමුදාවේ දිග දුර විමර්ශන ඒකකය හේතු වී තිබුණු බව ඇතැම් විචාරකයෝ ප‍්‍රකාශ කළහ. විශේෂයෙන් ම එල්.ටී.ටී.ඊ යට මරාගෙන මැරෙන බෝම්බකරුවන් යෙදවීම මෙන් ම දිගු දුර විමර්ශන ඒකකයේ ප‍්‍රහාර නතර කිරීම පිළිබඳ සටන් විරාමයට ඇතුළු වී තිබුණේ ඒ නිසා යැයි කියවේ.

මෙලෙස ඉතා ශක්තිමත්ව පිහිටා තිබූ දිගු දුර විමර්ශන ඒකකයට තොරතුරු රැසක් ලැබී තිබුණේ මේජර් මුතාලිෆ් මගින් බව එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය ද දැන සිටියේ ය. මේ අනුව මේජර් මුතාලිෆ් ගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වෙමින් තිබුණි.

ඔහුට තිබූ තර්ජන හේතුවෙන් විදේශයකට ගොස් ජීවත්වන ලෙස ඔහුගේ හිතමිතුරෝ මේජර් මුතාලිෆ් ගෙන් ඉල්ලා සිටියහ.

“අපි ඉපදුණු රට ආරක්ෂා කරගන්න අපි ඉන්න ඕනේ. මේක දාලා යන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපේ ළමයින්ටත් යුද්ධයට යන්න වෙනවා” මේජර් මුතාලිෆ් කීවේ ය.

කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ය ඔහු පසුපස විමසිල්ලෙන් සිටියේ ය. දුරකථන මගින්ද ඔහුට මරණ තර්ජන තිබුණි.

කුමන තර්ජන තිබුණ ද රට හැර යාමට ඔහු ගේ සූදානමක් තිබුණේ නැත. මේ අතර මුතාලිෆ් ඝාතනය කිරීමේ වගකීම බාරගත් කොටි සාමාජිකයෝ කොළඹ නගරයට පැමිණ සිටියෝ ය.“මට නිර්ණාමික දුරකතන ඇමතුම් එනවා. 31 වෙනිදාට ඉස්සරලා මට වැඩක් දෙනවා කියලා තියෙනවා” යැයි මේජර් මුතාලිෆ් කර්නල්වරයකුට කියා තිබුණි.

ඔවුහු කොළඹ නගරය පුරා මේජර්වරයා ගේ වාහන පිළිබඳ තොරතුරු සොයන්නට වූහ. මේ අතර එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අතට මේජර්වරයාගේ වාහනයක අංකය ලැබිණි. එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ බොරැල්ල රාජගිරිය සිට රත්මලාන දක්වා ගමන් ගන්නා වාහනවල අංක පරීක්‍ෂා කරමින් තමන් අත වූ අංකය ගැළපේ දැයි හොයන්නට වූහ. එහෙත් කිසිදු නිවැරදි තොරතුරක් නොලැබිණි.

මේ අතර දිනයක දී අදාළ වාහනය නෙත ගැටිණි. ඒ සමඟ ම එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ වාහනය පසු පසින් හඹා යන්නට වූහ. එහෙත්

එදින එම වාහනයේ සිටියේ මුතාලිෆ් මේජර්වරයා නොවේ.

ඔහුගේ බිරිද ය. මෙලෙස එදින එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට සිය ඉලක්කය මඟ හැරිණි. එහෙත් මැයි 31 වෙනිදා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීහු සිය ඉලක්කය ඉටු කර ගත්හ.

දිගු දුර විහිදුම් බලකාය පැවැතියේ බොහෝ අප‍්‍රකටවම ය. ඒ පිළිබඳ තොරතුරු 2001 වර්ෂය වන තෙක් ම රහස්‍ය ලෙස පැවැතිණි. එහෙත් 2001 වර්ෂයේ බලයට පැමිණි එජාපය සහ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ ය අතර ඇරඹුණු සාම කි‍්‍රයාදාමය මත “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයේ නිවස්නය පිළිබඳ තොරතුරු හෙළි විය. එයින් එතෙක් එල්.ටී.ටී.ඊ සංවිධානයට රහසක්ව පැවැති මේ අති සූක්ෂ්ම හමුදා ඒකකය පිළිබඳ තොරතුරු පැතිර යන්නට විය.

අවසානයේ දී අති දක්ෂ හමුදා නිලධාරීන් ගේ සහ වෙනත් සාමාජිකයන් ගේ නම් ද ඇතුළත් වූ සියලු තොරතුරු එල්.ටී.ටී.ඊ ය අතට පත් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඒකකයට අයත්ව සිටි නිලධාරීන් සහ සෙසු සාමාජිකයන් රැසක් එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කළේ ය.

2005 මැයි 31 වෙනි දින මේජර් මුතාලිෆ් ඝාතනය කළ අතර ඉන් මාස 5 ක් ගත වෙත් ම යුද හමුදාවේ බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් තුවාන් රිෂ්වි මීඩින් මහතා ද එල්.ටී.ටී.ඊ ය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ 2005 වර්ෂයේ ඔක්තෝබර් 30 වෙනිදා ය. ඊළාම් යුද්ධය තුළ එතෙක් ඝාතනය වූ ජ්‍යෙෂ්ඨතම බුද්ධි අංශ නිලධාරියා වූයේ ලුතිනන් කර්නල් මීඩින් ය.

යුද හමුදාවේ බුද්ධි අංශයේ සේවයේ යෙදී සිටි ලුතිනන් කර්නල් මුතාලිෆ් ඝාතනයට කොටි සංවිධානයට තොරතුරු ලබාදී රුපියල් ලක්‍ෂ 15 ක මුදලක්‌ ලබාගත් හමුදා නිලධාරියකු ගැන ආරක්‍ෂක අංශ මගින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවති ප්‍රදේශවල ආරක්‍ෂක අංශ මගින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී කොටි ත්‍රස්‌තවාදීන් බැරල් එකක සඟවා තිබූ ලියකියවිලි පරීක්‍ෂා කිරීමේදී මේ සම්බන්ධ ලියවිල්ලක්‌ හමුදා නිලධාරීන්ට හමුවීමෙන් පසු මෙම හමුදා නිලධාරියා පිළිබඳ පරීක්‍ෂණ අරඹා තිබේ.

මෙම හමුදා නිලධාරියා මීට අමතරව දැනට හමුදා සේවයේ නියුතු මේජර් ජනරාල්වරයකු ඝාතනය කිරීමට කොටි සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවත් ඒ සඳහා ඔහු තවත් රුපියල් ලක්‍ෂ 15 ක මුදලක්‌ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් එම ලියවිල්ලේ සඳහන්වී තිබෙන බවත් හමුදා ආරංචි මාර්ග පවසයි.

නමුත් ඊට පෙර යුද්ධය අවසන්වීම නිසා එම මේජර් ජනරාල්වරයා ඝාතනය කිරීමට නොහැකිවී තිබේ.

********

නපුසක පවා දෙන්නන් රජ වූ අඳුරු යුගයක මිලේනියම් සිටි කුප්‍රකට පාවාදීමේ තුච්ඡ ප්‍රතිපලයක් ලෙස මාතෘභූමියට අහිමි වූ ලක්මවගේ වීර පුතෙක්.

යූද හමූදා සන්නද්ධ බූද්ධි බළකා රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරි… ලූතිනන් කර්නල් තුවාන් රිස්වි මීඩින්….!!!

1966 වසරේ හම්බන්තොටදී උපන්.. 1987 වර්ෂයේදී දෙවන ලුතිනන්වරයකු ලෙස යූද හමූදා සේවයට එක් වූ.. මීඩින් මහතා උතුරු නැගෙනහිර මෙහෙයූම්වලදී දකෂ ලෙස සිය රාජකාරිය උපරිමයෙන් ඉටූ කළ වීර නිලධාරියෙකි… මෙම දීන පවාදීම නිසාම හෙළිදරව් වී කොටි ත්‍රස්තවාදීන් විසින් කොළඹදී ඝාතනය කළ මේජර් තුවාන් මූතාලිෆ් සමඟ එකට කටයූතු කර ඇති මීඩින් මහතා…

දිගුදුර විහිඳුම් බලකාය’ පිහිටූවීමේ මූලිකත්වය ගෙන කටයූතු කළේය.. මේජර් මූතාලිෆ් මහතා යූද හමූදා පළමූවැනි බූද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස කටයූතු කරද්දී මීඩින් මහතා දෙවැනි බූද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස රාජකාරි කළේය…
විරුවනි… නිවට වන්දිභට්ටයන්ට නුඹලා අද අමතක වුවත්… අපේ මතකයේ ගැඹුරේ දිවි තෙක් නුඹලා නිදනු ඇත…!!!

හමූදා බූද්ධි බළකායේ තවත් ප්‍රධානියකුට වෙඩි තබා මරයි කොටි කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ ඝාතනයක් බවට සැකයක් ඔහූ සමඟම රියේ එකට ගමන් ගත් අය ගැන සැකයක් ‍

යූද හමූදා බූද්ධි බළකා රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරි ෂ ලූතිනන් කර්නල් තුවාන් රිස්වි මීඩින් මහතා කිරිබත්ගොඩ නිවාස සංකීර්ණයේදී සිය මෝටර් රථය තුළදීම පෙරේදා (29 වැනිදා) රාත්‍රි වෙඩි තබා ඝාතනයක් කර තිබේ. ලුතිනන් කර්නල්වරයා සමඟ මෝටර් රථයේ ගමන් ගත් සිංහල ජාතික තරුණයන් දෙදෙනකු විසින් මෙම ඝාතනයක් සිදුකර ඇති බව පොලිසිය කළ පරීකෂණවලදී හෙළිවී ඇත.

කොටි ත්‍රස්තවාදීන් විසින් මෙම සිංහල තරුණයන් දෙදෙනාට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනයක් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ලුතිනන් කර්නල් මීඩින් මහතා මෙම සිංහල තරුණයන් දෙදෙනා සමඟ කිරිබත්ගොඩ පිහිටි ඔහූගේ නිවසේ සිට කිරිබත්ගොඩ නගරය බලා මෝටර් රථයෙන් යමින් සිටියදී පෙරේදා රාත්‍රි 10.00 ට පමණ මෙම සිද්ධිය වී ඇත.

මීඩින් මහතා සමඟ මෝටර් රථයේ ගමන් ගත් චම්ලි නමැති සිංහල ජාතික තරුණයා ඔහූගේ ළඟම හිතවතෙකි. මෝටර් රථයේ ගමන් ගත් අනෙක් තරුණයා අයිස් මංජූ නමැති අයෙකි. අයිස් මංජූ නමැත්තා චම්ලිගේ ළඟම මිතුරකු බව පොලිස් පරීකෂණවලදී හෙළි වී ඇත.

මීඩින් මහතාට වෙඩි තබා පැය භාගයකට පමණ පසූ ඔහූගේ නිවසට ජංගම දුරකථනයකින් ඇමතුමක් ලබා දුන් චම්ලි නමැත්තා “මීඩින් මහත්තයට වෙඩි තිබ්බා. බොඩි එක කාර් එකේ” යනූවෙන් පවසා තිබේ. තිස්නව හැවිරිදි තුවාන් මීඩින් මහතා දෙදරු පියෙකි. කිරිබත්ගොඩ නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි නිවසක ඔවූන් කාලයක සිට පදිංචිව සිට ඇත.

සිද්ධිය වූ දින රාත්‍රි මීඩින් මහතාගේ නිවසේ පූංචි සාදයක් පැවැත්වීමට සූදානම්ව තිබී ඇත. මීඩින් මහතා එදින සවස අවස්ථා කීපයකදීම කිරිබත්ගොඩ නගරයට ගොස් සාදයට අවශ්‍ය කළමනා ගෙනැවිත් තිබේ. එදින රාත්‍රි 8.30 ට පමණ චම්ලි නමැත්තා අයිස් මංජූ නමැති තරුණයා ද සමඟ මීඩින් මහතාගේ නිවසට පැමිණ ඇත.

එහිදී සූළු වේලාවක් ඔවූන් කථාබහ කරමින් සිට මිතුරකු හමූවීමට යන බව පවසා ලුතිනන් කර්නල් මීඩින් මහතා සිංහල තරුණයන් දෙදෙනා ද සමඟ මෝටර් රථයෙන් පිටව ගොස් තිබේ. රථය පදවාගෙන ගොස් ඇත්තේ මීඩින් මහතාය. ඔහූට වම්පසින් චම්ලි නමැත්තා ගොස් ඇති අතර අයිස් මංජූ ගොස් ඇත්තේ මෝටර් රථයේ පසූපස අසූනේය. මීඩින් මහතාගේ නිවසේ සිට සැතපූම් බාගයක් පමණ දුරින් පිහිටි සිඟිති පෙර පාසල අසලදී මෙම වෙඩි තැබීම සිදුවී ඇත.

මීඩින් මහතාගේ හිසේ වම්පසට වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී තිබිණි. මෝටර් රථයේ පිටූපස සිටි පූද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම කරන්නට ඇති බවට මූලික පොලිස් පරීකෂණවලින් අනාවරණය වී ඇත. වෙඩි තැබීම සඳහා මිලි මීටර් නවය වර්ගයේ ගිනි අවියක් භාවිත කරන්නට ඇති බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සැළ වූ වහාම මීඩින් මහතාගේ බිරිඳ යූද හමූදා බූද්ධි බළකා මූලස්ථානයට දුරකථන ඇමතුමක් ලබාගෙන මේ පිළිබඳව දැනූම් දී තිබේ.

ඒ අනූව බූද්ධි බළකායේ නිලධාරීන් පිරිසක් කිරිබත්ගොඩ නිවාස සංකීර්ණය වෙත පැමිණ පරීකෂා කරද්දී මීඩින් මහතා සිය මෝටර් රථය තුළ බරපතල තුවාල ලබා වැටී සිටියේය. පසූව බූද්ධි අංශ නිලධාරින් මීඩින් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයූතු කර තිබේ.

රෝහල් ආරංචිමාර්ග කියා සිටියේ ඒ වන විටත් ලුතිනන් කර්නල් මීඩින් මහතා මියගොස් සිටි බවයි. කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් මෙම සිද්ධිය වූ ස්ථානයට යන විට මීඩින් මහතා රෝහල්ගත කර තිබිණි. මෝටර් රථය තුළ සිට එල්ල කළ වෙඩි ප්‍රහාර කීපයක් මීඩින් මහතාගේ මෝටර් රථයේ වීදුරුවලට ද එල්ල වී බිඳී ගොස් තිබේ.

මෙම ඝාතනය සිදු කළ බවට සැක කරන අයිස් මංජූ නමැත්තා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකි. මොහූ කොටි ත්‍රස්තවාදීන් සමඟ සමීප සම්බන්ධකම් පවත්වන අතර අවි ආයූධ විකිණීමේ ජාවාරම සහ කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම වැනි අපරාධවලට මොහූ සම්බන්ධ වූ අයෙකි. සෑහෙන කාලයක සිට පොලිස් විශේෂ කාර්ය බළකාය, යූද හමූදා බූද්ධි අංශය සහ පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීකෂණ පවත්වමින් සිටියේය.

මීඩින් මහතාගේ මිතුරා වන චම්ලි නමැත්තා ද මාළු ව්‍යාපාරිකයෙකි. මීට වසර කීපයකට උඩදී ජපානයට ගිය මෙම පූද්ගලයා කාලයක් තිස්සේ එහි සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි. ලුතිනන් කර්නල් මීඩින් මහතා චම්ලි සහ ඔහූගේ පවූලේ අය සමඟ කිටිටූ සම්බන්ධතාවක් පවත්වා ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පරීකෂණ පවත්වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසූවේ මෙම ඝාතනය කොටි ත්‍රස්තවාදීන් සිදු කළ බව කෙළින්ම පැවසිය නොහැකි බවයි. ඝාතනයට වූ මීඩින් මහතා සහ චම්ලි අතර සූළු සූළු ආරවූල් ද පැවති බව පරීකෂණවලින් හෙළි වී ඇත. මීඩින් මහතාගේ ඝාතනය පිටූපස පෞද්ගලික ආරවූලක් ද තිබිය හැකි බවට පොලිසිය සැක පහළ කරයි.

ඝාතනය සිදුවන අවස්ථාවේ මීඩින් මහතා සමඟ මෝටර් රථයේ ගමන් ගත් චම්ලි සහ අයිස් මංජූ නමැති තරුණයන් දෙදෙනා පිළිබඳව කිසිදු තොරතුරක් පොලිසිය වෙත මේ වනතුරු ලැබී නැත. චම්ලි නමැත්තා මීඩින් මහතාගේ නිවසට ඇමතුමක් ලබා ගත් ජංගම දුරකථනය මෙම සිද්ධියෙන් පසූ විසන්ධි වී ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පරීකෂණ පැවැත්වූ පොලිසිය චම්ලි නමැත්තාගේ සොහොයූරකු ඇතුළු සිව්දෙනකු ඊයේ දහවල් වන විට අත්අඩංගුවට ගෙන තිබිණි. චම්ලිගේ සොහොයූරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහූ පවසා ඇත්තේ මීඩින් මහතාගේ නිවසට යන බව පවසා චම්ලි නිවසින් පිටවී ගිය බවයි. 1987 වර්ෂයේදී දෙවන ලුතිනන්වරයකු ලෙස යූද හමූදා සේවයට එක්වූ මීඩින් මහතා උතුරු නැගෙනහිර මෙහෙයූම්වලදී දකෂ ලෙස සිය රාජකාරිය උපරිමයෙන් ඉටූකළ නිලධාරියෙකි.

මීට ටික කලකට උඩදී කොටි ත්‍රස්තවාදීන් විසින් කොළඹදී ඝාතනය කළ මේජර් තුවාන් මූතාලිෆ් මහතා සමඟ එකට කටයූතු කර ඇති මීඩින් මහතා දිගුදුර විහිඳුම් බලකාය පිහිටූවීමේ මූලිකත්වය ගෙන කටයූතු කළේය. මේජර් මූතාලිෆ් මහතා යූද හමූදා පළමූවැනි බූද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස කටයූතු කරද්දී මීඩින් මහතා දෙවැනි බූද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස රාජකාරි කළේය.

ලුතිනන් කර්නල් මීඩින් මහතාගේ ජීවිතයට කොටි ත්‍රස්තවාදීන්ගෙන් දිගින් දිගටම තර්ජන එල්ල වී තිබීම නිසා ඔහූ දැඩි ආරකෂිත ක්‍රියාමාර්ගයක් පසූගිය දිනවලදී අනූගමනය කළේය. බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ගුණසේකර, පොලිස් අධිකාරි ඒ. සෝමපාල යන මහත්වරුන්ගේ උපදෙස් මත කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීකෂක රෝහණ මහතාගේ මෙහෙයවීමෙන් පරීකෂණ පැවැත්වේ.

මේ අතර පෑලියගොඩ අපරාධ කොටිඨාසයේ සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් ගාමිණි රත්නායක ඇතුළු නිලධාරීහූ වෙනමම පරීකෂණයක් පවත්වාගෙන යති.

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!