Breaking News
Home / දේශීය පුවත් / ජාතිවාදී ආගම්වාදී නැති මැද මාවතේ අපේක්ෂකයා ගෝඨා – දයාසිරි

ජාතිවාදී ආගම්වාදී නැති මැද මාවතේ අපේක්ෂකයා ගෝඨා – දයාසිරි

පවතින ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල ප්‍රධානියා විධායකයේ ප්‍රධානියා වන ජාන්ධිපති සිරිසේනගේ නිදහස් පක්ෂය පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභයට සහය දීමට තීරණය කර තිබෙනවා.

වසර 4 ක් හවුල් ආණ්ඩුවේ ඇමති සැප විදි නිමල් සිරිපාල පවසන්නේ තම සහය පොහොට්ටුවට ලබා දීමට තීරණය කළබවයි. ඒ මේ ආණ්ඩුවට එරෙහිව වන අතර ආණ්ඩුවේ වැඩ පිලිවලට විරුද්ධව බවයි ඔහු පවසන්නේ.

තවද මහලේකම් දයාසිරි පවසන්නේ ජාතිවාදී ආගම්වාදී නැති මැද මාවතේ නිදහස් පක්ෂය ගෝඨාවැනි අන්තවාදී නැති ප්‍රගතශීලි අපේක්ෂකයකුට සහය දෙන බවයි. සාමාන්යෙන් ජාතිවාදී ආගම්වාදී පිරිස් සිටින්නේ පොහොට්ටුව කදවුරේ බව සාමන්‍ය සමාජයේ කතා බහක් ඇතත් කන්න ඕන වූ විට කබරගොයා තලගොයා වගේදෝ ඔහු එසේ පවසනවා. විශේෂයෙන් මහින්ද ජනපති පරාජයවූ පසු ජනවාරි 9 වනදා පළමුවෙන්ම සිරිසේනගේ දෑත ශක්තිමත් කිරීමට පැමිණි පුද්ගලයකු ලෙස දයාසිරි සදහන් කල හැකි.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ ජනවාරි 8 හංස සන්ධානයේ සිටි දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු පහකට වඩා පිරිසක් වෙනම මතයක සිටින බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරන්නේ. එනිසා ඉදිරියේදී පොහොට්ටු පාර්ශ්වයෙන් පිල් මාරුවක් සිදුවීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා දේශපාලනය යනු ප්‍රතිපත්තියක් නැති පනුවන් ගහන කුණුගොඩක් බවට අවසන් දශකයක දෙකක කාලයතුල පත් කර ඇති බව කලකට කටින්ද කලකට අදොමුකයෙන්ද ප්‍රසිද්ධ මාධ්‍ය වල කතා කරන දේශපාලන අනාතයින්ගෙන් පෙන්නුම් කරයි. මෙහි සමාජ බලපෑම සුළුපටු එකක් නොවන අතර අනාගත පරම්පරාවල් මේවා ප්‍රසිද්ද උදාහරණ ලෙස ගෙන ප්‍රතිපත්තියක් නැති නිෂ්පල ජාතියක් බවට ඔවුන් බිහි වීමට මේවා සෘජුව හේතුවේ.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!