Breaking News
Home / දේශීය පුවත් / ජාතිවාදි ගැටුම පසු පසත් දියතලාව බෝම්බ කථාවේ සිටි මදුමාධව තංගල්ලෙන් ගිය තෙල්දෙනිය ඒ.එස්.පීගේ දේශපාලනය ගැනත් පරීක්ෂණ

ජාතිවාදි ගැටුම පසු පසත් දියතලාව බෝම්බ කථාවේ සිටි මදුමාධව තංගල්ලෙන් ගිය තෙල්දෙනිය ඒ.එස්.පීගේ දේශපාලනය ගැනත් පරීක්ෂණ

රට තුළ උද්ගතව ඇති තත්වය හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසිය හා හමුදාව බලගන්වා ඇති බවත් ජනපති මාධ්‍ය අංශය ට්විටර් පණිවිඩයකින් කියයි.

තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් ඇවිත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තෙල්දෙණිය ප්‍රදේශය සඳහා පිටත් කර හැරීමට කටයුතු කළ බව පොලිස් නිල ආරංචිමාර්ග තහවුරු කරයි.

මේ අතර බෞද්ධ අන්තවාදී සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කළ තරුණයින් පිරිසක් තෙල්දෙණියේ කෝලාහලය සඳහා සහභාගී වී ඇති බවට අනාවරණයවී ඇති බවද වාර්තා වෙයි.

ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් අදාළ කෝලාහලය සඳහා සහභාගීවූ එම පිරිස් සම්බන්ධ තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලබාදීමට බුද්ධි අංශ කටයුතු කර තිබෙන බවත් ඉදිරියේදී එම පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

ජාතිවාදයෙන් රට අස්ථාවර කිරීමේ සැලැස්මක්

එසේම මේ වන විට අම්පාරේ සහ තෙල්දෙණියේ සිදුවීම් යොදාගෙන රට අස්ථාවර කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් පවතින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර එම තත්ත්වය මැඩලීම සඳහා රටේ සියළු පොලිස් බල ප්‍රදේශ ආවරණය වන ආකාරයට විශේෂ ඒකාබද්ධ බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වෙයි.

මහින්දගේ සම්බන්ධය

තෙල්දෙණිය හා පල්ලෙකැලේ පොලිස් බල ප්‍රදේශයන්හි නොසන්සුන්කාරී තත්ත්වය පොලිසිය විසින් පාලනය නොකර මඟහැරීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බවට සැක මතුව ඇති බව (06) කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී හෙළිදරව්වී තිබේ.

තෙල්දෙණියේ සහකාර පොලිස් අධිකාරීවරයා හිටපු ජනපතිවරයාගේ සමීපතම අයෙකු බව පැවසේ. ඔහු කලක් තංගල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිට ඇති බවද හෙළිව තිබේ.

එසේම, දිගන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද රාජපක්ෂවාදියකු බවත්, ඔහුද සූරියවැව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස කලක් කටයුතු කළ අයෙක් බව ද පැවසේ.

මධු මාධවගේ භූමිකාව

මේ අතර, මධු මාධව අරවින්ද විසින් සිය ෆේස්බුක් පිටුවේ පලකර ඇති සටහනක් සම්බන්ධයෙන්ද බුද්ධි අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

එම සටහන ඡාතිවාදය අවුලන සුළු එකක් බවට මේවන විට චෝදනා එල්ලවී තිබේ. (එසේම මේ පුවත සංස්කරණය වන විට මෙම ගිණුම ක්‍රියා විරහිත කර ඇත)

පොලීසියෙන් අඩු පාඩු සිදුවුණා – අගමැති

තෙල්දෙණියේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අදාළව පොලීසිය මගින් යම් යම් අඩුපාඩු සිදුවූ බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට තමන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදි මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්නට උපදෙස් නුවත් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

එසේම මෙම ගැටුම් හේතුවෙන් විනාශ වූ ආගමික ස්ථාන නැවත යථා තත්ත්වයට පත්කිරීම හා ව්‍යාපාරික ස්ථාන සඳහා වන්දි ගෙවීම කඩිනම් කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බලයට එන්න ජාතිවාදය අවුස්සනවා

ආණ්ඩුව සේම පරාජිත දේශපාලන කණ්ඩායම් නැවත බලයට පැමිණීම සඳහා ජාතිවාදය යොදා ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ නිසා ක්‍රමානුකූලව ජාතිවාදී ප්‍රවණතාවයන් උත්සන්න තලයට පැමිණ තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

ජාතිවාදී ප්‍රවණතාවයන් තුළින් සිදුවන්නේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව බෙදා වෙන් කිරීම පමණක් බවත්, ජනතාව බෙදා වෙන් වූ පසු රටකට ඉතිරිවන දෙයක් නොමැති බවත් හෙතෙම එහිදී පවසා සිටියේය.

ජාතිවාදී සිදුවීම්වල වගකීම ආණ්ඩුවේ 

ජාතිවාදී ආකාරයට සිදුවන සියලුම සිදුවීම්වල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.

තම තමන්ගේ බලය රැක ගැනීම සඳහා යහපාලනයක් ඇති කිරීමට බලයට පැමිණි පිරිස් රට අරාජික කර දමා තිබෙන බවද එම පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කළහ.

රට අරාජික වීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතිවාදී කණ්ඩායම් හිස ඔසවමින් තිබෙන බවත්, මේ නිසා 2015 ජනවාරි 08දා ඇතිකරගත් ජනතා පැතුමන් සුණු විසුණු වී යමින් තිබෙන බවත් ඒ හිමියෝ පවසා සිටියහ.

උපුටා ගැනීම infosrilanka

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!