Breaking News
Home / Video / ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගතයි

ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගතයි

පසුගිය 28 වැනි දා නෙළුම් පොකුණ රඟහලේදී පැවති 40 වැනි යොවුන් සම්මාන උළෙලේදී, රෝහණ විජේවීර පිළිබඳ කළ පර්යේෂණාත්මක මැදිහත්වීමකින් කරන ලද නිර්මාණයක් වූ “Mr. W හෙවත් අත්තනායකගේ අන්තිම දවස” නාට්‍යය වෙනුවෙන් හොඳම වාර්තා නාට්‍යයට හිමි සම්මානය පිරිනැමුණා.

එම සම්මානය ප්‍රදානය සඳහා වේදිකාවට ආරාධනා කර සිටි කුමන්ත්‍රණ ආණ්ඩුවේ ඇමැති උදය ප්‍රභාත් ගම්මන්පිල අතින් සම්මානය ලබාගැනීම, එම කලාකරුවන් (සුරින් චාමර මෙන්ඩිස් සහ කසුන් චතුරංග) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පසුගිය දා අවසන් වූ රාජ්‍ය නාට්‍ය උළෙලේ ද හොඳම කෙටිනාට්‍යය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වූයේ ද කසුන් චතුරංග නාට්‍යකරුවා ය.

මේ සම්බන්ධයෙන් විමසීමට යොවුන් කලාකරු කසුන් චතුරංග ඇමතූ විට ඔහු පවසා සිටියේ, සිය නාට්‍යවලින් ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර, ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගත බැවින් මෙලෙස කටයුතු කළ බවයි.

රට මේ මොහොතේ පත්ව ඇති අවලස්සන තත්වයට දේශපාලකයන්ගේ දායකත්වය ඔහු වැඩිදුරටත් විවේචනය කළේ ය.

එම වීඩියෝ දර්ශන මෙතැනින්.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!