Breaking News
Home / දේශීය පුවත් / ජාතිවාදය අවුස්සපු සමාජජාල පිටු 80 ක කල්ලියක් එකම තැන ඉදන් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙලා – කැබිනට් ප්‍රකාශක

ජාතිවාදය අවුස්සපු සමාජජාල පිටු 80 ක කල්ලියක් එකම තැන ඉදන් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙලා – කැබිනට් ප්‍රකාශක

ජාතිවාදය හා ආගම්වාදය වැපිරීමට මෙන්ම රාජ්‍ය විරෝධී කටයුතු සදහා සමාජජාල වෙබ් අඩවි සහ මුහුණු පොත් 80 ක් පමණ එකම ස්ථානයක සිට ක‍්‍රියාත්මක වන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ පිළිබද සියලූ තොරතුරු මේ වන විට අනාවරණ වී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ. ඔහු මෙම අදහස් පළ කළේ බේරුවල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

පළාත් පාලන මැතිවරණයෙන් පසු අම්පාර සහ මහනුවර යන දිස්ත‍්‍රික්කවල විවිධ ජාතිවාදි සහ ආගම්වාදි කළබල ඇති වූ බවත් යහපාලන රජයට බලපෑම් කිරීමේ අරමුණින් ඇතැමුන් මෙම ජාතිවාදි සහ ආගම්වාදි කළබල නිර්මාණය කළ බවද අමාත්‍යවරයා කියා සිටියා.

එම සිද්ධීන් තුළින් ශ‍්‍රී ලංකාවට කලූ පැල්ලමක් එක්වූ බැවින් මෙම සිද්ධිවලට සම්බන්ධ වරදකරුවන්ට දැඩි ලෙස නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

About lanka

Check Also

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල වශයෙන් සිහි කරයි

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!