Breaking News
Home / දේශීය පුවත් / ජාතිවාදයේ භයානක කම නොදන්නා බුකියේ ඉන්න ළමා වීරයන්ට සහ ජාතිවාදීන්ට අනතුරු ඇගවීමක්. හදිසි නිතිය දින දහයක්. සියළු ජාතීන්ගේ බුකි වීරයන් අත් අඩංගුවට

ජාතිවාදයේ භයානක කම නොදන්නා බුකියේ ඉන්න ළමා වීරයන්ට සහ ජාතිවාදීන්ට අනතුරු ඇගවීමක්. හදිසි නිතිය දින දහයක්. සියළු ජාතීන්ගේ බුකි වීරයන් අත් අඩංගුවට

මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්වය සමනය කිරීම සඳහා රජය මේ වනවිට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුව ඇති එක් හුදෙකලා සිදුවීමක් ජාතිවාදී ලෙස පතුරවාලීමට විවිධ ජාතිවාදී සංවිධාන හා පුද්ගලයින් උත්සාහ කිරීමේ ප්‍රතිපලයක් මෙම අවාසනාවන්ත සිදුවෙමට හේතුව වී තිබෙනවා.

Image result for digana police

අද පැවැත්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී මේ පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුවී ඇති අතර රටේ සාමය හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙන අතර දින 10ක් සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර තිබෙනවා.

Image result for digana police

සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය ඉතා වැදගත් බවයි අපට පෙනී යන්නේ.

මේ අනුව සමාජ ජාල භාවිතා කරමින් අසත්‍ය ප්‍රචාර හා ජාතිවාදය පතුරුවාලන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම පිණිස විශේස කණ්ඩායමක් පත්කොට ඇති අතර ෆේස්බුක්,වයිබර්,මැසෙන්ජර්,වට්ස් ඇප් වැනි සමාජ ජාල භාවිතයේදී වඩාත් බුද්ධිමත්ව හා වගකීමෙන් ඒවා භාවිතා කරන ලෙසත් අසත්‍ය හා ජාතිවාදී මෙන්ම පදනම් විරහිත ප්‍රචාරයන්ගෙන් වලකින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Image result for digana police

තවද කුඩා දරුවන් දුරකථන හා සමාජ ජාල මාධ්‍ය භාවිතා කරමින් සිදුකරනා දේ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අපගේ හැඟීමයි. මෙම සිදුවීම් වල බරපතලකම නොදත් දරුවන් මෙම ජාතිවාදී ව්‍යාපාරවල ගොදුරක් බවට පත්වීම සිදුවෙමින් පවතින බව ආරක්ෂක අංශ මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

මහජනතාව ලෙස ගැටුම් ඇතිකර නොගෙන සාමයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වන අතර ජාතිවාදය හා ආගම්වාදය පතුරුවමින් හා ගැටුම් ඇතිකර ගනිමින් රට අඳුරට ගෙන යාමට අන්තවාදීන්ට ඉඩ නොදී කටයුතු කිරීම පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමකි.

About article14

Check Also

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!