Breaking News
Home / ක්‍රිඩා / ජාතික කණ්ඩායමට ගේන්න බැරි ජයග්‍රහනයක් කාලයක් කැපිලා ඉන්න අජන්ත මෙන්ඩිස් ගෙනාපු හැටි

ජාතික කණ්ඩායමට ගේන්න බැරි ජයග්‍රහනයක් කාලයක් කැපිලා ඉන්න අජන්ත මෙන්ඩිස් ගෙනාපු හැටි

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවති 2017 ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාවලියේ ශුරතාවය දිනාගැනීමට අජන්ත මෙන්ඩිස් නායකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී කේප් ටවුන් නගරයේදී සමත් විය.

සාමාන්‍ය ක්‍රිකට්‌ නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි වේ.

අද දිනයේ අවසන් තරඟය පැවතියේ වෙනොරා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාවේ රෙබෙල්ස් කණ්ඩායම අතරය.තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම පන්දුවාර 20 තුල ලකුණු 201/7 දැවී ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ලක්ෂ එදිරිසිංහ පන්දු 32ක් තුල නොදැවී ලකුණු 70ක් ලබාගත් අතර නායක අජන්ත මෙන්ඩිස් පන්දු 25ක් තුල ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 202 හඹා ගිය රෙබෙල්ස් කණ්ඩායමට තම පන්දුවාර 20 තුල ලබාගත හැකි වුයේ 116/6 පමණක් වන අතර ඩැනියල් පොල්ටන් නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නුවන් රත්නායක සහ ජනක සම්පත් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරඟය ලකුණු 86ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් සමත් වූ අතර තරඟාවලිය පුරා මෙන්ඩිස් පන්දු යවන්නෙකු සහ පිතිකරුවෙකු ලෙසද ඉතා සුපිරි හැකියාවන් පෙන්වීමට සමත් විය.

 

 

About article14_2

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!