Breaking News
Home / දේශීය පුවත් / ජාත්‍යන්තරය හමුවේ රටේ නමට තවත් කැලලක් ගුවන්තොටුපලේ පොහොට්ටු සමිති සේවකයින් පඩි වැඩි කරන්න ඉල්ලා පිස්සු නටයි

ජාත්‍යන්තරය හමුවේ රටේ නමට තවත් කැලලක් ගුවන්තොටුපලේ පොහොට්ටු සමිති සේවකයින් පඩි වැඩි කරන්න ඉල්ලා පිස්සු නටයි

මේ හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

අංශ 21 ක සියලුම සේවක සේවිකාවෝ කටයුතු වලින් බැහැර වී වැඩවර්ජනයට සහභාගී වෙති.

එක් සේවකයකුට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට වු ඉල්ලීම විෂයභාර ඇමැතිවරයාට ඉදිරිපත් කළ විට එය ඉරා කුණූ කූඩයට දැමීම මෙම විරෝධතාවයට ප්‍රධානම හේතුව වේ.

මේ නිසා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කර පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා කටුනායක , මත්තල, රත්මලාන ඇතුළු සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානය මෙන්ම , පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහභාගී වී සිටිති.

 

About lanka

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!