Breaking News
Home / දේශීය පුවත් / ජවිපෙන් ජානධිපති ක්‍රමය අහෝසි කිරිමේ සංශෝදනය ගෙන ඒමට සූදානම්. සහයෝගය දීමට මහින්දගෙන් කොන්දේසියක්

ජවිපෙන් ජානධිපති ක්‍රමය අහෝසි කිරිමේ සංශෝදනය ගෙන ඒමට සූදානම්. සහයෝගය දීමට මහින්දගෙන් කොන්දේසියක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට තමන් සහාය දෙන්නේ එම සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජය එකඟ වන්නේ නම් පමණක් බව ඒකාබද්ධ විපක්ෂය පවසන බව වාර්තා වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ළඟදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ යෝජනාව සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 2/3ක බහුතරය අවශ්‍ය වනවා.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් 54 දෙනාගේ සහයෝගය තීරණාත්මකයි.

ජ.වි.පෙ. යෝජනාව දේශපාලන කරළියට පැමිණීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීහු මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී තීරණය වූයේ ආණ්ඩුව මෙකී යෝජනාව සම්මත වූ වහාම මහ මැතිවරණයක් සඳහා මැතිසබය විසුරුවා හැරීමට එකඟ වන්නේනම් පමණක් යෝජනාවට සහය දීමටයි.

About lanka

Check Also

ලක්ෂ 5 සිට 60 දක්වා මුදල් අරගෙන නඩු තීන්දු වෙනස් කරන්න කටයුතු කලා යයි අල්ලස් එකෙන් අල්ලපු අපේ රටේ විනිසුරුවරු

පසුගිය ආණ්ඩුව සහ එහි විධායකය අධිකරණය හා කටයුතු කළ ආකාරය පුන පුනා කිවමනා නොවේ. නව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!