Breaking News
Home / දේශීය පුවත් / ජවිපෙට බර විගනකාධිපතිගේ වැටුප් වැඩි කිරීමට ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප වෙයි ජවිපෙ කලබල වී හේතු විමසයි. ‘තමන්ගේ එකාට වැටුප් වැඩිවෙනකොට හා අනිකට එපා’

ජවිපෙට බර විගනකාධිපතිගේ වැටුප් වැඩි කිරීමට ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප වෙයි ජවිපෙ කලබල වී හේතු විමසයි. ‘තමන්ගේ එකාට වැටුප් වැඩිවෙනකොට හා අනිකට එපා’

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දිමනා මුදල් වැඩි කිරිම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර තිබු යෝජනාව ඉවත් කර ගන්නා බව සභානායක, ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 අනුව 4 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවිම හා තනතුරට හිමි අනෙකුත් දිමනා ගෙවිමටත් වාර්ෂික වැටුප් වර්ධක ලබාදිමටත් යෝජනා කරමින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබු යෝජනාව මෙසේ ඉවත් කරගනු ලැබීය.

එම යෝජනාව ඉල්ලා අස්කර ගැනිම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා ආණ්ඩුවෙන් හේතු විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් සභානායකවරයා යෝජනා ඉදිරිපත් කිරිමත් ඒවා ඉල්ලා අස්කර ගැනිමත් රජයේ කාර්යයක් බවයි.

එය රජයේ කාර්යයක් වුවත් එයට හේතුව කුමක්දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ පක්ෂ නායක රැස්විමේදි ඒ ගැන දැනුවත් කරන බවය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ඊට මැදිහත් වෙමින් පනත ඉවත් කර ගැනිමට පෙර පක්ෂ නායක රැස්විමේදි ඒ ගැන දැනුම්වත් කලා නම් මේ ප්‍රශ්නය විමසන්නේ නැති බව කීවේය.

ගාමිණි විජේසිංහ විගණකාධිපතිතුමා ආණ්ඩුවේ දුෂණ අක්‍රමිකතා හෙළිකරන බැවින් ඔහුගේ වැඩුප් වැඩි කිරිමේ යෝජනාව ඉවත් කර ගෙන ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මුලාසනයේ සිටි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කිවේ පක්ෂ නායක රැස්විමක් කැදවා ඇති බැවින් මේ ගැන එහිදි කතා කරමු කියාය.

About article14

Check Also

හතුරුසිංහ පුහුණුකාර දුරයෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ විරෝධය දක්වලා

ලෝක කුසලාන තරග මාලාවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!