Breaking News
Home / දේශීය පුවත් / ජයග්‍රාහි පොහොට්ටු ප්‍රාදේශිය දේශිය දේශපාලකයින් වැඩ පටන් ගනී. එජාප ආදාරකාරිනියකට අලි වෙඩි දමා තුවාල

ජයග්‍රාහි පොහොට්ටු ප්‍රාදේශිය දේශිය දේශපාලකයින් වැඩ පටන් ගනී. එජාප ආදාරකාරිනියකට අලි වෙඩි දමා තුවාල

කිසියම් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවසට අලි වෙඩිල්ලක් දමා තිබෙනවා.

සාලියවැව පොලිසිය සඳහන් කළේ නිවසට අලි වෙඩිලක් දමා බියට පත් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඊයේ (11) දින සවස මෙම සිදුවීම ඇති වී තිබුණා.

ඉහළ පුලියන්කුලිම, අළුත්ගම – බුද්ධි ඉදුවර ගම්මනයේ පදිංචි විජයකෝන් මුදියන්සේලාගේ කාංචනා ශලනි යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර තිබෙනවා.

තමන් ඇතුළු පවුලේ අය නිවසේ සිටින විට පැමිණි පොදුජන පෙරමුණ ආධාරකරුවෙකු තමාගේ නිවසට මෙලෙස අලි වෙඩිල්ලක් පත්තු කර දමා ගිය බවයි පැමිණිළිකාරිය පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

About lanka

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!