Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති සිරිසේන හදිසි කැබිනට් රැස්වීමක් අද දහවල් කැඳවයි ඇමතිවරු අන්දමන්ද වෙයි හේතුවක් නොදනී

ජනාධිපති සිරිසේන හදිසි කැබිනට් රැස්වීමක් අද දහවල් කැඳවයි ඇමතිවරු අන්දමන්ද වෙයි හේතුවක් නොදනී

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (13) දහවල් හදිසියේ කැඳවා ඇති විශේෂ කැබිනට් රැස්වීමට හේතුව දන්වා නොමැති බව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී හෙළි කළා.

අද දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන එම කැබිනට් රැස්වීමට සහභාගී වන ලෙස ඊයේ (12) රාත‍්‍රියේ ජනාධිපති කාර්යාලයෙන් දුරකතනය මගින් දැනුම් දීමක් කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

එහෙත් එම රැස්වීම පවත්වන අරමුණ කුමක්දැයි තමන් නොදන්නා බව විමසීමේදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් ද නෙත් නිවුස් මේ පිළිබඳ කරුණු විමසීමක් කළා. එවැනි දැනුම් දීමක් සිදුව ඇතත් ඊට හේතුව කුමක්දැයි දන්වා නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විදෙස්ගතව සිටියදී මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවා තිබීමද විශේෂත්වයක්. ඉකුත් අඟහරුවාදා සතිපතා සාමාන්‍ය පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම ද පැවැත්වුණා.

අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම, නිමල් සිරිපාලද සිල්වා, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, සාගල රත්නායක ඇමතිවරුන් විදේශ සංචාරවල යෙදි සිටියදී මෙම හමුව කැදවා තිබීමද විශේෂත්වයකි.

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!