Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති සිරිසේන හදිසියේම පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් මධ්‍යම රාත්‍රියේ නිකුත් කරයි

ජනාධිපති සිරිසේන හදිසියේම පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් මධ්‍යම රාත්‍රියේ නිකුත් කරයි

 

පවතින පාර්ලිමේන්තුවේ සැසිවාරය අද (12) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීමට ජනාධිපති සිරිසේන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නව සැසිවාරයේ ආරම්භක දිනය වන්නේ ලබන මැයි මස 08 වෙනිදා ය.

ඒ අතර තුර කාලයේ දී විද්‍යාත්මක ලෙස විෂය පථයන් වෙන් කරන ලද නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතය.

වත්මන් 8 වන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ආරම්භ වූයේ 2015 සැප්තැම්බර් 02 දා ය.

පාර්ලිමේන්තු සැසිය අවසන් කළ නව සැසිවාරයක් ආරම්භ කිරීමට ගැසට් නිවේදනයට අත්සන් කළ ජනාධිපති සිරිසේන ලබන 16 වෙනිදා සිට 20 දක්වා ලන්ඩනයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට සිංහල අවුරුද්ද නිමාවනවාත් සමග රටින් පිටවීමට නියමිත ය

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!