Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති සිරිසේන ලංකාවේ ප්‍රධානම ජාත්‍යන්තර ව්‍යාපාරයටත් බ්රේක් නැති කට නිසා පාඩුවක් කරයි. ශ්‍රී ලංකන් කජු පිගානේ ප්‍රකාශය BBC වාර්තා කරයි

ජනාධිපති සිරිසේන ලංකාවේ ප්‍රධානම ජාත්‍යන්තර ව්‍යාපාරයටත් බ්රේක් නැති කට නිසා පාඩුවක් කරයි. ශ්‍රී ලංකන් කජු පිගානේ ප්‍රකාශය BBC වාර්තා කරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ගුවන් සේවය වන ශ්‍රි ලංකන් එයා ලයින්ස් ගුවන් සේවය විවේචනය කරමින් ජනපතිවරයා සිදු කළ ප්‍රකාශයකි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් ජනපතිවරයා මෙම අදහස් දැක්වූවා. එහිදි විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට පලතුරු ගෙන්වීම ජනපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වුවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට පලතුරු ගෙන ඒමට අනුමැතිය ලබා නොදෙන ලෙසට නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළා.

“දැන් කවුද කජු ගේන්න, දොඩම් ගේන්න, බඩ ඉරිගු ගේන්න අවසර දෙන්නේ, අත්සන් කරන මහත්වරුත් මෙතන ඉන්නවා. ඒක නිසා එක එක මුදලාලිලාට ඕන විදියට, ජාවාරම්කාරයන්ට ඕන විදියට, දේශපාලඥයන්ට ඕන විදියට මේවා ගේන්න දෙන්න එපා.

තමුන්නාන්සේලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අත්සන් නොකර හිටියානම් ඉවරනෙ පිට රටින් ගේන්න” යනුවෙන් ජනපතිවරයා නිළධාරීන්ගෙන් විදේශයන්ගෙන් පලතුරු ගෙන්වන්න එපායැයි කියමින් ඉල්ලීමක් කළා.

මෙහිදි ජනපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවය විවේචනය කරමින් ප්‍රකාශ කළේ “දැන් මම නේපාලයේ ඉදලා ශ්‍රී ලංකාවට ආවේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ. එහෙම එනකොට කජු පීරිසියක් ගෙනත් දුන්නා (ගුවන් යානයේදී). බල්ලෙකුට කන්න බෑ මිනිහෙකුට තියා. කවුද මේවා අනුමත කරන්නේ..” යනුවෙනි.

ජනපතිවරයාගේ එම ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබීම විශේෂයෙකි. එම පුවත ලොව ප්‍රකට බී.බී.සි මාධ්‍යයද ප්‍රචාරය කර තිබුනා.

එම පුවත බී.බී.සි වාර්තා කළ තිබු අයුරු

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!