Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුණ ගැසුණා. එහිදී අග‍්‍රාමාත්‍යවරුන් දෙපළ අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. නවදිල්ල නුවර අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම සාකච්ඡා පැවැත්වුණා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ද මුණ ගැසී තිබෙනවා.

මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං සමගද සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. තෙදින නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (19) දිනයේ රාහුල් ගාන්ධි ඇතුලූ කොංග‍්‍රස් පක්ෂ නායකයින් සමගද සාකච්ඡා පැවැත්වුවා.

මෙම අවස්ථාවේ විශේෂත්වය වන්නේ සිරිසේන ජනාධිපති රෝ සංවිධානය විසින් ඝාතනය කිරීමට යන බව ඔහු පැවසුවා යන පුවත දැඩි ලෙස රාජ තාන්ත්‍රිකව ඇවිලී ඇති මොහොතකයි.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති සමග සාකච්චා කර ඔහුට ඇති ලෝක මට්ටමේ පිළිගැනීම නැවත සහතික කරමින් රටක් ලෙස ජාත්‍යන්තරයේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට සැමවිටම කටයුතු කර ඇති බව දේශපාලන විචාරකයින් පවසන්නේ.

About article14

Check Also

කබීර් හා හැලීම් හොර පාරේ ගොස් සිරිසේනගෙන් ඇමතිකම් ගත් සිද්දිය ගැන එජාපය කලබල වෙයි.

එක්සත් ජාතික පක්ෂ මුස්ලිම් ඇමතිවරුන් වන කබීර් හෂිම් හා අබ්දුල් හලීම් යන මහත්වරුන් යළි දිවිරුම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!