Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති සිරිසේනගේ කල්ක්‍රියාවට විරෝධය පා රටවල් 8 ක් හමුවීම වර්ජනය කල බව රොයිටර් වාර්තා කරයි. ඇමරිකන් ආධාරත් නැවතීමට යයි

ජනාධිපති සිරිසේනගේ කල්ක්‍රියාවට විරෝධය පා රටවල් 8 ක් හමුවීම වර්ජනය කල බව රොයිටර් වාර්තා කරයි. ඇමරිකන් ආධාරත් නැවතීමට යයි

ජනාධිපති සිරිසේනගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමක් වශයෙන් රටවල් 08ක් ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් වර්ජනය කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. දැනටමත් ලංකාව සිටින්නේ ඇමරිකානු ආධාර නැතිවීමේ අවදානමකට මුහුණදෙමින්.

“8 Western countries stayed away from a meeting with Sri Lanka’s government on Monday to register their protest against President Maithripala Sirisena’s decision to dissolve parliament, diplomatic and government sources said – Reuters”

එය BBC සිංහල සේවයේ අසාම් අමීන් සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කළේ මෙපරිද්දෙන්.

ශ්‍රී ලංකාවේ අවාසනාවට විධායක ජනාධිපතිගේ ක්‍රියා කලාපය හේතුවෙන් රටම අපකීර්තියට පත්වන බව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් කරනවා.

ත්‍රෛභාෂාවෙන් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය මෙන්න.

වසර 70 ක සුහදතාවක් ඇති එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය
නොවැම්බර් 10, 2018: පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට බරපතල තර්ජනයක් වී තිබේ. මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්ති නාමය හානි වීමට හේතු විය හැකිය.

අප ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසත්, ඔබ සහ ඔබගේ රජය පත් කර ගැනීමේදී බලාපොරොත්තු වූ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ කැපවීම ඉටු කරන ලෙසත්ය

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!