Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති සජිත් යටතේ සරත් ෆොන්සේකාට නිතිය හා සාමය

ජනාධිපති සජිත් යටතේ සරත් ෆොන්සේකාට නිතිය හා සාමය

සජිත් ප්‍රේමදාස ජනපති වූ පසු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හට ආරක්ෂාව පිළිබද වැඩි වගකීමක් මෙන්ම නිතිය සාමය අමාත්‍යංශය ද ඔහු යටතට පත්කිරිමට සජිත් ඇතුළු හංස සන්ධානයේ නායකත්ව මණ්ඩලය තීරණය කර ඇතියි ආරංචි මාර්ග සදහන් කරනවා.

පසුගිය දා පොහොට්ටුව විසින් ව්‍යාජ පුවතක් නිර්මාණය කරමින් තිබුනේ ගෝටාට සහය දීමට ෆොන්සේකා සුදානම් බවයි. එහෙත් එවැන්නක් සිදු නොවන බවත් ජාතික ආරක්ෂාව ෆොන්සේකාට වැඩි වගකීමක් ලබා දී ඉදිරියේ ඔහුගේ සංකල්පයක් පරිදි ඇති විශේෂ බුද්ධි ඒකකයක් නිර්මාණය කිරීමටද එජාප නායකත්ව මණ්ඩලය මේ වන විට තීරණය කර ඇති බව සදහන්.

ඉන්දීය රෝ සංවිධානයට සමාන අති විශේෂ සංවිධානයක් මගින් ලෝක ත්‍රස්තවාදයට මුහුණ දීමට ලංකාවේ පමණක් නොව ලොව එක එක තැන්වල එම බුද්ධි අංශ ස්ථාපිත කිරීමට දීර්ග සැලැස්මක් ෆොන්සේකා ඇතුළු නායකත්ව මණ්ඩලය සාකච්චාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව එජාප සන්ධානයේ ජනපති අපේක්ෂකයාගේ කදවුරේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට සැලසුම් කර ඇත්තේ යුද්ධයක් ජයගත් හමුදාපති වගේම බුද්ධි අංශ මෙහෙයවූ හමුදා නයකාටයි.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!