Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති වීරයාගේ පාර්ලිමේන්තුව 10 ට පෙර කැඳවීමේ අභියෝගය අගමැති බාරගැනීම නිසා මැකෝ පඹගාලක පැටලෙයි. ප්‍රචාරණය 7 අවසන්.

ජනාධිපති වීරයාගේ පාර්ලිමේන්තුව 10 ට පෙර කැඳවීමේ අභියෝගය අගමැති බාරගැනීම නිසා මැකෝ පඹගාලක පැටලෙයි. ප්‍රචාරණය 7 අවසන්.

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතයෙන් අබල දුබල තත්ත්වයට පත්ව සිටින මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බැදුම්කර හා බරපතල වංචා යන ජනපති කොමිෂන් වාර්තා මැතිවරණයට කලින් විවාදයට ගන්නා ලෙස කළ ප්‍රකාශයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව දැඩි අර්බුදයකට පත්ව ඇත.

ජනාධිපතිවරයා වීරයා විමට කළ ප්‍රකාශයෙන් පසු සෙසු පක්ෂ නායකයන් මෙන්ම කතානායකවරයාද පාර්ලිමේන්තුව කැදවන ලෙස අගමැතිවරයාගෙන් කළ ඉල්ලිමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වමින් ලබන 08 දා බැදුම්කර හා බරපතල වංචා වාර්තා විවාදයට ගැනිමට නියමිතය.

පෙබරවාරි 08 දාට පෙර වාර්තා විවාදයට ගත නොහැකි වී ඇත්තේ එම දිනවල මැති ඇමතිවරු මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවිම නිසාය. එම නිසා විවාදය පැවැත්විමට පහසු දිනය වන්නේ 08 දාය.

නමුත් 08 දා සහ 09 දා මැතිවරණයේ නිහඩ කාලය ලෙස මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබිමත් එම කාලයේදි මෙම විවාදය පැවැත්විමෙන් කෙනෙකුට අගතියකුත් තවත් අයෙකුට ප්‍රවර්ධනයකුත් විය හැකි බවට මතයන් පළවිම නිසා මෙලෙස මැතිවරණ කොමිසම අපහසුතාවයට පත් ව තිබේ.

කෙසේනමුත් ජනාධිපතිවරයා විරයා විමට යාම නිසා නැති ප්‍රශ්නයක් ඇති වූ බව දේශපාලන විචාරකයෝ පවසති.

About lanka

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!