Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති බුද්ධිමත් තීරණයක් ගන්නවද බලමු. අමාරුවෙන් හදපු ආණ්ඩුව වට්ටනවද කියලා – රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමති වීරකෝන්

ජනාධිපති බුද්ධිමත් තීරණයක් ගන්නවද බලමු. අමාරුවෙන් හදපු ආණ්ඩුව වට්ටනවද කියලා – රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමති වීරකෝන්

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනීපයේ කොටස් විසින් ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් එජාපය පරාජය කළ නොහැකි බව රාජපක්ෂ සමයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි ගාල්ලෙ කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

වසර 20 කට පමණ ආසන්න කාලයකින් පසුව එජාපය පිහි‍ටුවා ගත් ආණ්ඩුව බිඳවැට්ටවීමට කිසිදු එජාප මන්ත්‍රීවරයකු කල්පනා නොකරන බවත් ඒ අනුව ඔවුන් සියලු දෙනා අගමැතිවරයා රැකගනු ඇති බවටත් ඔහු විශ්වාසය පළකරයි.

එජාපයේ පොදු සතුරා ශ්‍රීලනීපය ප්‍රමුඛව ඒකාබද්ධ විපක්ෂය වන නිසා ඔවුන් අවසන් මොහොතේදී ඊට එරෙහිව ඒක රාශිවන බවත් ඔහු පෙන්වා දෙයි

එසේම මෙරට දෙමළ ජනතාවට යම් විසඳුමක් ලැබිය හැක්කේ වත්මන් රජයෙන් පමණක් වන බවට දෙමළ ජතාව විශ්වාස කරන බැවින් දෙමල ජාතික සන්ධානයේ සහයද අගමැතිවරයාට හිමි විය හැකි නිසා. එජාපය පැරද වීමේ හැකියාව අවම බව ඔහු පෙන්වා දෙයි.

එසේම ජනාධිපතිවරයා මේ මොහොතේ බුද්ධිමත් තීරණයක් ගනු ඇති බවට ඔහු අවධාරණය කළේ වත්මන් ආණ්ඩුව බිඳ නොවැට්ටවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි අපෙක්ෂාවෙනි.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!