Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති කෝල් කරලා ආයේ ජොබ් එක දීලා ආය පරීක්ෂණ නැ කියලා කිව්ව බ්‍රේගේඩියර් ප්‍රියංක නැවත අද ලංකාවට කැදවයි

ජනාධිපති කෝල් කරලා ආයේ ජොබ් එක දීලා ආය පරීක්ෂණ නැ කියලා කිව්ව බ්‍රේගේඩියර් ප්‍රියංක නැවත අද ලංකාවට කැදවයි

Image result for priyanka fernando

නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් පැවැත්වූ නිදහස්‌ සමරු උත්සවයට විරෝධය දක්‌වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දියත් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට කළ ඉඟි කිරීමක්‌ හේතුවෙන් තමන්ට එරෙහිව මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණ දීමට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට මින් පෙර සිදු විය.

Image result for maithripala sirisena call

එහිදී වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීම ට කටයුතු කෙරිණි.

සිදුවීම පිළිබදව අදහස් දැක්වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අදාළ ඉඟි කිරීමෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරියකු ලෙස වරදක්‌ සිදුකර නොමැති බව අවධාරණය කිරීමද විශේෂත්වයකි.

මෙම සිද්ධිය ක්‍රමයෙන් යටපත් වෙමින් තිබියදී ඉකුත් සතියේ යළිත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ ඩයස්පෝරාව පසුව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙත පැමිණිල්ලක්‌ කිරීමටද ක්‍රියා කර තිබිණි.

Image result for priyanka fernando

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීම සිදුව ඇත්තේ ඩයස්‌පෝරාවේ එකී විරෝධතාවෙන් පසුව බවද ඔහු යළි කැඳවීමට හේතුව කුමක්දැයි තවමත් හෙළිව නැති බවත් සිදුවීම පිළිබදව වාර්තා කරන මුද්‍රිත මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

About article14

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!