Breaking News
Home / Video / ජනාධිපති අගමැති ඇමතිවරු ඇයි කලබල වෙලා මම එච්චර වැදගත් කෙනෙක් නෙවේ. මගේ ගෙදර පුද්ගලික දේකදී දීපු අනුශාසනාවට කලබල ඇයි – ගෝඨාභය

ජනාධිපති අගමැති ඇමතිවරු ඇයි කලබල වෙලා මම එච්චර වැදගත් කෙනෙක් නෙවේ. මගේ ගෙදර පුද්ගලික දේකදී දීපු අනුශාසනාවට කලබල ඇයි – ගෝඨාභය

පසුගිය රජය සමයේදී ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් පැවති පිංකමේදී ‘ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ මහතාව හිට්ලර්ට සමාන කර ඇති නමුත්, හිට්ලර් කෙනෙක් වී පැමිණ හෝ රට සංවර්ධනය කරන ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් කළ ප්‍රකාශය‘ පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් ඒ මහතා සඳහන් කළේ එය සිය පුද්ගලික නිවසේ කළ අනුශාසනාවක් බවත්, තමා සාමාන්‍ය පුද්ගලයෙකු බැවින් ඒ පිළිබඳ මෙපමණ ප්‍රකාශ නිකුත් කිරීමේ හේතුවක් තමන්ට සිතා ගත නොහැකි බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා,

‘ එය මගේ ගෙදර පුද්ගලිකව කරපු අනුශාසනාවක්.ඉතිං මේ ගැන ජනාධිපතිතුමා අගමැතිතුමා මුදල් ඇමතිතුමා සහ නොයෙක් ඇමතිවරු ඒ පිළබඳව මෙපමණ ප්‍රකාශ නිකුත් කිරිම, මම දන්නෑ මම එච්චර වැදගත් පුද්ගලයෙක්ද කියලා.මම සාමාන්‍ය පුද්ලගලයෙක්.

සමහර විට මේවා අනුනායක හිමියන්ට විරුද්ධව කරන ප්‍රකාශ වෙන්නැති.මම හිතන්නේ නෑ එහෙම කරන එක සුදුසුයි කියලා.

…මම දන්න විදියට බුදුහාමුදුරුවෝ වාදාළේ යම් අනුශාසනාවක් කරනකොට ඒ අනුශාසනාව තේරුම් ගන්න පුලුවන් ප්‍රඥාවක් තියෙන පුද්ගලයන්ට පමනක් අනුශාසනාව කළ යුතුයි කියලා.ඉතිං මම නම් අනුශාසනාවේ තිබෙන සියලු කරුණු වටහා ගත්තා.වටහා ගත්තේ නැති පුද්ගලයෝ තමයි ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ…‘‘

මෙහිදී, ඔහු 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද සහ එසේ ඉදිරිපත් වන්නේ නම් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයිද යනුවෙන් මාධ්‍යවේදීන් විමසා මිටියේය.

එම පැනයට පිළිතුරු ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දීමක් කළ නොමැති බවයි.එවැනි අවස්ථාවක් පැමිනියහොත් මාස දෙකක් වැනි කාලයක් තුළදී පුරවැසිභාවය ඉවත් කරගැනීමට හැකි බවත් ගෝඨාභාය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කල ප්‍රකාශය පහත විඩියෝවෙන් බලන්න

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!