Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපතිවරණය කවුරු දින්නත් ඊට කලින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මුහුණ දෙන්න ඕන – රනිල්

ජනාධිපතිවරණය කවුරු දින්නත් ඊට කලින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මුහුණ දෙන්න ඕන – රනිල්

දැනට ප‍්‍රකාශයට පත්කර තිබෙන ආසන්නතම මැතිවරණය වන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දය සදහා සූදානම් වන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ් සහ එක්සත් ජාතික පක්ෂ නායකයින්ට උපදෙස් දී ඇතිබව වාර්තා වේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මේ උපදෙස් ලබා දී ඇත්තේ මාලදිවයින් දෙදින නිළ සංචාරය නිමකර දිවයිනට පැමිණි විගස බවයි සදහන් වන්නේ.

ඇල්පිටිය ප‍්‍රදේශීය සභා ඡන්දය සම්බන්ධයෙන් මාලදිවයිනේ සිටියදීම අග‍්‍රාමාත්‍ය අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සමග සාකච්චා කර ඇති අතර දිවයිනට පැමිණි පසු මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සමග අදහස් හුවමාරු කරගෙන ඇති වාර්තා වේ.

ජනාධිපතිවරණය කවුරුන් ඉදිරිපත්වුවත් ප‍්‍රථමයෙන්ම ඇල්පිටිය ප‍්‍රදෛ්ශීය සභා ඡන්දයට මුහුන දිය යුතුව ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට පැහැදිලිවම දැනුම් දී ඇතයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමගද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඡන්දය පිළිබදව ඊයේ 4 දිනයේදීිද සාකච්ඡ කර ඇති බව සදහන්.

ඒ වගේම පොහොට්ටු නායක මහින්ද රාජපක්ෂ පවසන්නේ ඇල්පිටිය යනු කුඩා කොටසක් නිසා එය ජය පරාජය මත රටේ මතය මැනිය නොහැකි බවයි. ප්‍රාදේශීය මාධ්‍යවේදියා පවසන්නේ රටම බලන් ඉන්නේ ඒකෙ ප්‍රතිපලේ නේද යනුවෙන් පවසන විට මහින්ද පවසන්නේ මන්නම් හිතන්නේ නැ එහෙම ඒක බලන් ඉන්න තරම් වැදගත් ඒකකයයි පවසා පිටව යනවා.

About article14

Check Also

මොනාද අයිසේ කරන්නේ වියදම් කරලා උත්සව තිබ්බා දැන් යන්නේ ඕකනේ” සජිත් තිස්සට දෙහිකපලා

සමගි ජන බලවේගයේ පළමු සංවත්සර උත්සවයේ දී එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට එජාප නායකයාගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!