Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපතිවරණය අස්සේ කොලොන්නාව ගබඩා වලින් කෝටි 4 ක පෙට්‍රල් හා නැප්ටා ලීටර් ලක්ෂ 4 ක් කාන්දුවෙලා

ජනාධිපතිවරණය අස්සේ කොලොන්නාව ගබඩා වලින් කෝටි 4 ක පෙට්‍රල් හා නැප්ටා ලීටර් ලක්ෂ 4 ක් කාන්දුවෙලා

කොළොන්නාවේ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන ගබඩා ටැංකිවලින් රුපියල් කෝටි හතරකට අධික පෙට්‍රල් හා නැප්ටා ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් කාන්දුවීමේ සිද්ධිය සංස්ථාව මගින් යටපත් කර ඇති බව සේවකයෝ පවසති.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙය සිදුව ඇත. කොළොන්නාවේ පිහිටි අංක 31 ටැංකියෙන් ඔක්ටේන් 92 ලීටර් ලක්ෂ දෙකකට ආසන්න පෙට්‍රල් තොගයක් මෙසේ කාන්දු වී ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 240කට අධිකය.

ඒ ආකාරයට නැප්ටා ලීටර ලක්ෂ දෙකක්ද ටැංකියෙන් කාන්දු වී තිබේ. නැප්ටා ලීටරයක් රුපියල් අසූවකට පමණ විදුලිබල මණ්ඩලයට අලෙවි කරන අතර එසේ කාන්දු වූ නැප්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 160කි.

මේ සියල්ලම සගවාගෙන වගකිවයුතු කිසිවකුට කිසිම අපරාධයකට භේදයක් නොමැතිව නිතිය ක්‍රියාත්මක වීමක් නොමැති බව දැන් තව තවත් සමාජ ගත වී ඇත.

About article14

Check Also

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!