Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරගන්නා දිනය 30 වනදා විය හැකි බව ආරංචිමාර්ග කියයි

ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරගන්නා දිනය 30 වනදා විය හැකි බව ආරංචිමාර්ග කියයි

මැතිවරණ කොමිසම අද (09) රැස්වීමට නියමිතව තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් මෙහිදී ගැනෙනු ඇතැයි සඳහන්. මැතිවරණ දිනය සහ නාමයෝජනා කැඳවන දිනය පිළිබඳ වන තීරණය ද ඒ අතර වනු ඇති බවටයි වාර්තා වන්නේ.

මැතිවරණ නීතියට අනුව ලබන 15 වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා කාලය තුළ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට බලතල හිමිවනවා. නාමයෝජනා කැඳවූ දිනයේ සිට සති 04ත් 06ත් අතර කාලයකදී ඡන්ද විමසීම පැවැත්විය යුතුයි.

මේ අතර මැතිවරණ සමයේ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මැතිවරණ කොමිසම අතර අද පැවැත්වෙනු ඇති. ආරංචි මාර්ග සදහන් කරන අන්දමට මෙමස 30 වනදා නාම යෝජනා කැදවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!