Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපතිගේ විශේෂ පණිවිඩයක් සමග රතන හිමි අරලියගහ මැදුරට එජාපෙ සමග ජාතික ආණ්ඩුවක් හදා ඡන්දෙකට යන්න රනිල්ට යෝජනාවක්

ජනාධිපතිගේ විශේෂ පණිවිඩයක් සමග රතන හිමි අරලියගහ මැදුරට එජාපෙ සමග ජාතික ආණ්ඩුවක් හදා ඡන්දෙකට යන්න රනිල්ට යෝජනාවක්

ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට 26 වනදා පැය 4 න් අගමැතිවරයකු පත් කිරීම ව්‍යවස්ථා අර්බුධයක් ලෙස ලෝකයම සලකන පසුබිමක ඊයේ(2) දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලේකම් ජනාධිපතිට කතා කිරීමට තරම් තත්වය බරපතල වී ඇති බව වාර්තා වේ.

අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයේ සදහන් වුයේ පාර්ලිමේන්තුවේදී අර්බුධය විසදගන්නා ලෙසයි. එහෙත් ඊයේ ජනාධිපති මාධ්‍ය සදහන් කලේ ජනාධිපතිවරයා එ.ජා මහලේකම් දැනුවත් කර මෙය ව්‍යවස්ථාව අනුව කර ඇති බව කරුණු පැහැදිලි කළා යන්නයි. අද දිනයේ කිසිදු පුද්ගලික මාධ්‍යක හෝ එක්සත් ජාතීන්ගේ සංවිධාන නිවේදනය වාර්තා නොකිරීමත් සතියෙන් රටේ මාධ්‍ය බාවිතය පිළිබද පෙන්නුම් කරන තවත් කාරණයක්.

කෙසේ වෙතත් ඊයේ(2) දිනයේ අතුරුලියේ රතන හිමි අරලිය ගහ මන්දිරයට ගිය බව ආරංචි මාර්ග සදහන් කලත් එහි විස්තර හෙලිවුයේ නැ. එහෙත් අද ඒ පිළිබද ආරංචිමාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස දුත ගමනක උන්වහන්සේ යෙදුන බවයි.

ජනාධිපතිවරයා රතන හිමි හරහා ඇතිවී තිබෙන අර්බුධය හා බහුතර බලය පෙන්වීමේ අර්බුධය විසදා ගැනීමට යෝජනා දෙකක් සිදු කර තිබෙනවා. එනම් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් එජාපයේ සජිත් කරු මංගල හෝ කිරිඇල්ල අගමැති කර කැබිනට් පත් කිරීම් කිරීමට වැඩි අවස්තාව රනිල්ට ලබා දී විසදුමකට පැමිණ පොහොට්ටු නිදහස්පක්ෂ සියල්ල එකතුවී ජාතික ආණ්ඩුවක් සාදා මාස 3 කින් පාර්ලිමේන්තුව විසුරවා ඡන්දයකට යමු යන යෝජනාවයි.

දෙවන යෝජනාව වන්නේ නිදහස් පක්ෂ පුද්ගලයකු අගමැති කර එජාප නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවක් ගොඩනගා නැවත එජාපයේ ඇමතිකම් පිළිබද රනිල්ට තීරණය කිරීමට ලබා දී මාස 3 කින් පාර්ලිමේන්තු ඡන්දයකට යමු යන යෝජනාවයි.

මේ සියල්ල සදහා එජාප නායකයා ජනාධිපතිගේ විශේෂ දුත රතන හිමිට පවසා ඇත්තේ මේ විසදුම් දෙකෙන් ඕනෑම එකකට ඔහු කැමති බවත් නමුත් මාස තුනකින් පාර්ලිමේන්තුව විසරවීමට එකග නොවන බවත් ඒ වෙනුවට මාස තුනකින් ජානාධිපතිවරනයකට යා යුතු බවයි.

අතුරුලියේ රතන හිමි අවසානයේ කිසිදු එකගතාවකට පැමිණීමට අපොහොසත් වී ඇත්තේ ජනාධිපතිවරයාගේ පැත්තෙන් තම දුරය අවසන් කර ජනාධිපතිවරණයකට යාමට සිරිසේන මහතා අකමැති වීමයි. එජාප නායකයා පවසා ඇත්තේ තමන්ගේ තනතුරු සියල්ල කැප කිරීමට තමන් කැමතිනම් එවැනි විසදුමක් යෝජනා කරන පාර්ශවද තමන්ගේ තනතුරු බලය වරප්‍රසාද කැප කිරීමට එකග විය යුතු යන්නයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් විශාල නොසතුටක් මේ වන විට ලංකාව කරා ගොඩනැගෙමින් යන අතර 7 වනදා කැදවනවා යයි කියූ පාර්ලිම්න්තුව කිසි සේත්ම 16 මෙහා කැදවන්නේ නැති බව ජනාධිපතිවරයා අලුතින් පත්කරගත් ආණ්ඩුවේ ප්‍රකාශක කෙහෙළිය රබුක්වැල්ල අද පවසා සිටියා.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!