Breaking News
Home / දේශීය පුවත් / ජනබලේදී එක් අයෙක් මිය යයි. 81 ක් ලෙඩවෙයි. තැන තැන වැටි සිටි බිමත් පුද්ගලයන් 1990 න් රෝහල් වලට. නායකයන්ට හෝටල් රැ 12 ට රැලිය අවසන්

ජනබලේදී එක් අයෙක් මිය යයි. 81 ක් ලෙඩවෙයි. තැන තැන වැටි සිටි බිමත් පුද්ගලයන් 1990 න් රෝහල් වලට. නායකයන්ට හෝටල් රැ 12 ට රැලිය අවසන්

ජන බලය කොළඹට විරෝධතා රැළිය ඊයේ කොළඹ ලේක්හවුස් වටරමුව ආසන්නයේදී පැවැත්වුනා. අති විශාල ජනකායක් සහභාගී වූ මෙම රැළිය තුලදී රෝගාතුර වූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් තවත් 81 ක් දෙනෙකු සුව සැරිය ගිලන් රථ සේවය මගින් රෝහල් කරා ගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මිය ගිය පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සඳහන් කරන අතර ඔහු හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මේ අතර අධික ලෙස බිමත්ව සිටි මෙම පුද්ගලයින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ඇද වැටී සිටියදී සුව සැරිය ගිලන් රථ සේවය මගින් ඔවුන්ව රෝහල් කරා ගෙන යාමට කටයුුතු කල බව පවසන්නේ ආණ්ඩුවේ පාර්ශවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අධික ලෙස බිමත්ව සිටි මෙම පුද්ගලයින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පිහිටි මාර්ගයන් අසල වල ඇඳ වැටී සිටියදී සුව සැරිය ගිලන් රථ සේවය මගින් රෝහල් කරා ගෙන ගොස් ඇති බවයි සදහන් වන්නේ.

ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී සිටින ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ සමිපතයින් අද (05)රාත්‍රියේදී නවාතැන් ගැනීම සදහා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක කාමර වෙන් කරවාගෙන ඇති බවට වාර්තා වනවා.

මේ අතර ජනබලය විරෝධතාවයට පැමිණ සිටින විරෝධතාකරුවන් රැ 12 පසුවන තුරුත් ලේක්හවුස් වටරවුම අසල මාර්ගයේ වාඩිවී සිටි අතර මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම යන මන්ත්‍රිවරුන් රාත්‍රි 10 පමණ වන විටත් විරෝධතාකරුවන් අතර රැඳී සිටින අයුරු දක්නට ලැබුනා.

මේ අතර විරෝධතාකරුවන් ලෝටස් වටරවුම අසල රාත්‍රි කාලයේදී රැස්ව සිටිය අතර එම ස්ථානයේ වත්මන් ආණ්ඩුවට එරෙහිව පහත රට සාම්ප්‍රදායික යාතිකර්මයක් සිදුකළා.

neth

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!