මහානායක හිමිවරුන්, කතෝලික සභාව, විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ මෙන්ම රජයේ හවුල්කාර පක්ෂ ද සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ පාස්කු කොමිසමේ වාර්තාවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් දෙමින් පිරිහෙන ආණ්ඩුව ගොඩදැමීමේ කොන්ත්‍රාත්තුව දිනපතා ලංකාදීප ප්‍රධාන කර්තෘ හා විජය පුවත් පත් සමාගමේ අධ්යක්ෂ සිරි රණසිංහ විසින් බාරගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
යහපාලන රජය දිනෙන් දිනම අප්‍රසාදයට පත් කරමින් පවතින රජයේ අඩුපාඩු වසන් කිරීම ඉලක්ක කර ගනිමින් පාස්කු ප්‍රහාරයට අධික ප්රචාරයක්දීමට ලංකාදීප කර්තෘ සිරි රණසිංහ කැමතිකරවාගෙන ඇත්තේ ආණ්ඩුවේ බැසිල් පාර්ශවයේ ප්‍රබල ඇමතිවරයෙක් බවයි පැවසෙන්නේ.
තමන්ගේ දැනුම්දීම අනුව ක්‍රියාකරන්නේ නම් රාජපක්ෂ පාලනයේ පළමු වසර දෙකහමාර අවසන් වන අවස්ථාවේදි දකුණු පළාතට සම්බන්ධ ඉහළම තනතුරක් දෙන බව ඉහත අමාත්‍යවරයා ලංකාදීප කර්තෘවරයාට දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග පවසයි.
රජයේ පුවත්පත් ඇතුළුව කිසිදු මාධ්‍යයක් නොකළ ආකාරයට පාස්කු ප්‍රහාරය සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවට පුවත් පතේ සම්පූර්ණ පිටුව බැගින් ප්‍රචාරයක් දෙන ලංකාදීප කර්තෘ තමාගේ මෙම ක්‍රියාව “බැලන්ස්” ක්‍රියාවක් බව පෙන්වීමට තවත් පුවත්පත් දෙකකවත් ඒ ආකාරයට කොමිෂන් සභා වාර්තාවට ප්‍රසිද්ධියක් දීමට කටයුතු කරන ලෙස රජයේ ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන්ම මේ වන විටත් ආයාචනා කර ඇති බව ඒ පුවත්පත් මාධ්‍යවේදීන්ගේ ආරංචි මාර්ග පවසයි.
දිනපතා පුවත්පතේ පළකිරීම් වලට ඔහුගේ ඥාතියෙකු වන අජන්ත කුමාර අගලකඩ යන අයද ඉරිදා ලංකාදීප පුවත් පතේ පළකිරීම් වලට පොහොට්ටු හිතවාදී ප්‍රේමකිර්ති යන අයද එකතුව ක්‍රියා කරන බව ලංකාදීප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෙන්ම රනිල් වික්‍රමසිංහ ප්රමුඛ යහපාලන රජය අපකිර්තියට ලක් කරමින් වාර්තාවේ කරුණු දිගින් දිගටම උපුටා දක්වමින් ප්රවෘත්ති ලිවීම මේ වන විටත් මොවුන් විසින් කරනු නිරීක්ෂණය කල හැකි බව දේශපාලන විචාරකයන් පවසයි.
කොමිෂන් සභා වාර්තාවේ සදහන් වන ” නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම ද්විත්ව ප්රතිපත්තියකින් සැලකීමක් බවත් පැහැදිලිවේ.” යනුවෙන් මෙම ඉරිදා ලංකාදීප පුවත් පතේ මතයක් ලෙස ප්‍රබල සදහනක් කිරීමට සිරි රණසිංහ හා ප්‍රේමකිර්ති රණතුංග යන අය උත්සහා කර ඇතිදැයි බැලු බැල්මට පෙනෙන බව ජේෂ්ඨ මාධ්‍යවේදීන්ගේ අදහසයි.
ලංකාදීප ප්‍රධාන කර්තෘගේ ක්‍රියාකලාපය පිළිබදව මේ වන විට මාධ්‍ය ක්ෂේත්රයේ මෙන්ම දේශපාලන පක්ෂ අතරද දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකු සදහන් කර ඇත්තේ කර්තෘ වරප්‍රසාද උපයෝගි කරගනිමින් අදාල පුද්ගලයන් ලබාගෙන ඇති සියළු වරප්‍රසාද පිළිබදව සියළු දේ අකුරක් නෑර ඉදිරියේදි හෙළිකරන බවයි.
-දේශපාලන වාර්තාකරු