Breaking News
Home / දේශීය පුවත් / ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට තැත් කළා යයි කියවෙන හඬපට රස පරීක්ෂක වෙත. අපක්ෂපාති ඉක්මන් පරීක්ෂණයක් කිරීමට අගමැති උපදෙස් දෙයි

ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට තැත් කළා යයි කියවෙන හඬපට රස පරීක්ෂක වෙත. අපක්ෂපාති ඉක්මන් පරීක්ෂණයක් කිරීමට අගමැති උපදෙස් දෙයි

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝතනය කිරිමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලූ පරික්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතිව කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.

ඉහත චෝදනාවලට අදාළව මෙතෙක් කර ඇති පරික්ෂණයන් හි ප්‍රගතිය පිළිබඳවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා ඇති. එසේම පරික්ෂනයන් හි ඊයේ වන තෙක් සමාලෝචනයක් ද ලබා ගැනිමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේය.

මාධ්‍ය ඔස්සේ විකාශය වූ දෙබස පිළිබඳ හඩ පට ද මේ වන විට නියම තත්ත්වය විමසා බැලිම සඳහා රජයේ රස පරික්ෂක වෙත යවා ඇති බවද නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා කරුණු වාර්තා කර තිබුනි.

ඊට අමතරව රහස් පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ බව කියන සියළු පාර්ශව වෙතින් කටඋත්තර ලබා ගැනිම මේ වන විට කරගෙන යන බවද පරික්ෂණයන් හි ප්‍රගතිය දක්වමින් අමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ඉහත සිද්ධියට අදාළ පරික්ෂ පුළුල් හා විනිවිදභාවයෙන් යුතුව කරනා ලෙස ද අග්‍රාමාත්‍යවරයා යළිත් වරක් නිතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!