Breaking News
Home / දේශීය පුවත් / ජනපති දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කරයි

ජනපති දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කරයි

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී (08) අත්සන් කළේය.

හෙට උදෑසන සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට යැවූ බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා  පැවසීය.මිට පෙර මෙවැනිම වර්ජන නිසාවෙන් ඛනිජ තෙල් සංස්ථාවද මෙසේ අත්‍යවශ්‍ය සේවා ලෙස මාස කිපයකාට පෙර අති විශේෂ ගැසට් නිවේදනයකින් නම් කළා.

සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය පියවර ගනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.

විශාල ලෙස මගීන්ගේ දැඩි අප්‍රසාදයට ලක් වී තිබෙන දුම්රිය වර්ජන මින් ඉදිරියට නොහැකි වීම ගැන දුම්රිය මගීන්ගේ දැඩි ප්‍රසාදයට ලක් වීම නොඅනුමානයි.

වර්ජනය පැවැත්වීම තමන් අපහසුතාවයට පත් කිරීමක් බව මගී ජනතාව පවසති. ජනතාව පත්වී ඇති මේ ගැටලුව විසඳීම සඳහා ඊයේ (08) ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමඟ අදාළ දුම්රිය වෘත්තීය සමිති සාකච්ඡාවක් අරම්භ කළහ. එම සාකච්ජාද අසාර්ථක විය.

About article14_2

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!