Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිද නිරෝධායනයට

ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිද නිරෝධායනයට

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ, මෙලනියා ට්‍රම්ප් නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.
ඒ ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන “හෝප් හික්ස්” කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුවය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් පැවසුවේ “ඔහු සහ මෙලනියා” ඔවුන්ගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවය.

කොරෝනා වෛරස ආසාදිත බව තහවුරු වී ඇති 31 හැවිරිදි හෝප් හික්ස්, මෙතෙක් වෛරස ආසාදිත බවට තහවුරු වූ ජනාධිපතිවරයාට වඩාත් සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාව වේ.

මීට දින කිහිපයක පෙරදී පැවති ටෙලිවිෂන් වාදයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඔහායෝ දක්වා ගමන් කරන විට “Air Force One” ගුවන්යානයේ ඇය ද ගමන් කර තිබේ. ඇය මුඛ ආවරණයක් රහිතව ගුවන්යානයෙන් බසින ආකාරය දැක්වෙන ජායාරූපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!