Breaking News
Home / දේශීය පුවත් / ජනපතිවරණය ජයගත නොහැකිනම් ගෙදර යනවා – රනිල් සංවේදිව කියූ කතාව

ජනපතිවරණය ජයගත නොහැකිනම් ගෙදර යනවා – රනිල් සංවේදිව කියූ කතාව

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකිනම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (12) පැවසා තිබෙනවා.

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාශ වල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේදී අද උදැසන හමුවූ අවස්ථාවේදී.

හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්වයාමට පෙර අරලියගහ මැදුරේදී ඉහත හමුව පවත්වා ඇත. පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ අකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරයද සිහිපත් කර ඇත.

පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී ඉහත වගකීම ඉටු කළ නොහැකිනම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද සඳහන් කර ඇත. අගමැතිවරයා කිසි දිනක මිට පෙර පෙන්වා නැති ආකාරයෙන් සංවේදී අදහස් දැක්වීමක් මෙහිදී කල බවයි වාර්තා වන්නේ.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!