Breaking News
Home / දේශීය පුවත් / ජනතාව මහ මගට දැමූ දුම්රිය රියදුරන් දොට්ට සේවය අතහැර ගිය සේ සලකා ගෙදරම යවයි

ජනතාව මහ මගට දැමූ දුම්රිය රියදුරන් දොට්ට සේවය අතහැර ගිය සේ සලකා ගෙදරම යවයි

අද (11 වැනිදා) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන ඉකුත් 07 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට සහාය දක්‌වමින් දුම්රිය නියාමකවරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්‌ථානාධිපතිවරු ද වර්ජනයට එක්‌ව සිටිති.

අදාළ ඉල්ලීම සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති 12 ක්‌ සමඟ ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඉකුත් ඊයේ සාකච්ඡා පැවැත්වුවද එය ද අසාර්ථක විය.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත.

මේ අතර දුම්රිය රියදුරන් සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංධානය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් රථ 1750ක් යොදවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

දෛනිකව ලංගම බස්රථ 5700ක් සේවයේ යොදවන අතර වර්ජනය හේතුවෙන් අමතර බස් රථ 1000ක් ද පාසල් නිවාඩුව නිසා පාසල් සේවා බස් රථ 750ක් දුර ගමන් සේවා සඳහා ද යොදවනු ලැබ තිබේ.

About article14_2

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!