Breaking News
Home / දේශීය පුවත් / ජනතාව ඉදිරියේ කුණු ගෑවුන ඇදුම් හෝදන්න එපා යයි මහේල කියද්දීම දයාසිරි මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට් කෑවේ අර්ජුනගේ පවුල බවට ප්‍රහාරයක්

ජනතාව ඉදිරියේ කුණු ගෑවුන ඇදුම් හෝදන්න එපා යයි මහේල කියද්දීම දයාසිරි මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට් කෑවේ අර්ජුනගේ පවුල බවට ප්‍රහාරයක්

කුණු තැවරුණු ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ට්ව්ටර් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලයේදී සිදුවූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමිනුයි.

හෑඟීම්බරව ගන්නා තීරණ හැම අවස්ථාවකදීම නිවැරදි නොවන බවත් සිදුකළ යුතු හොඳම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා හොඳම දේ කුමක්දැයි යන්න සිතීම බවත් හැඟීම්බර නොවී තීරණ ගත යුතු බවත් ඔහු එම ට්ව්ටර් සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ එම ට්විටර් සටහනයි.

මේ අතර පසුගිය දිනක අර්ජුන පැවසුවේ ක්‍රිකට් විනාශ කලේ දයාසිරි බවත් ඔහු බුකි දයාසිරි බවත් පවසා සිටියා. ඒ ප්‍රකාශයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් මාධ්‍ය හමුවක් පවත්වා ක්‍රිකට් කෑවේ අර්ජුනගේ පවුල බව පවසනවා.

නමුත් ක්‍රිකට් කාපු යුගයේ ලෝක කුසලාන ආසියා කුසලාන හා ප්‍රධාන කුසලාන මුරලි ලොව හොඳම පන්දු යවන්නා වීම සනත් මහේල සංගා මාලි වාස් වැනි ක්‍රීඩකයන් බිහිවීම ගැනත් අපට මතකයක් ඇත. කෙසේ වෙතත් මෙහි කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඇත්තත් ක්‍රීඩාව ආරක්ෂා කල හා නොකළ උදච්ච්ච්යින් ගැන ජනතාව දනී.

දයාසිරි නම් හිටපු ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශය

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!