Breaking News
Home / දේශීය පුවත් / ජනතාවට සේවය කරන්න පාර්ලිමේන්තු යවපුවම උන් ඉතිහාසය පුරා ගුටි කෙළගත් අවස්ථා (Parliament jokes)

ජනතාවට සේවය කරන්න පාර්ලිමේන්තු යවපුවම උන් ඉතිහාසය පුරා ගුටි කෙළගත් අවස්ථා (Parliament jokes)

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් රවී කරුණානායක  බිල්ලට දී ජාම බේරා ගැනීම සදහා බැදුම්කර වාර්තාව නොමැතිව පාර්ලිමේන්තු සැසියක් පැවැත්වීමට ගොස් අද නැවත වරක් ලංකා පාර්ලිමේන්තුවේ පොර පිටියක් බවට පත්වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ ‘මහින්ද හොරා යැයි කෑගැසීමත් සමගම‘ එජාප මන්ත්‍රී මරික්කාර් හා ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ අතර ගුටි බැට හුවමාරුවක් සිදු විය.

එයට චමින්ද විජේසිරි, මරික්කාර්, ජොන්ස්ටන්, හෙක්ටර් අප්පුහාමි ද එක් වූ අතර මන්ත්‍රීනි කවිරත්න ඇතුළු මන්ත්‍රීවරු එයට මැදිවිය.ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය

01. පිලිප් ගුණවර්ධන විසින් සර් ජෝන් කොතලාවලට පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දී සිදු කළ පහරදීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර සිදු වූ පළමු ගුටි බැට හුවමාරුවයි.

02. 1956 ආණ්ඩුවේ මැද කොළඹ තුන්වන මන්ත්‍රී ඇම්.අස්.තේමිස් සර් ජොන් කොතලාව ට ‘හලෝ ජෝන්‘ යැයි ඇමතීමෙන් පසුව ඔහුට පහරදීමට කොතලාවල  ඔහු බිත්තියට හේත්තුකොට ඇත. මේ ගැන බණ්ඩාරනායක පවසා ඇත්තේ “මමත් ජොන් ට කථා කරන්නේ සර් ජොන් කියාල යි. හලෝ ජොන් කිව්වාම නොගහ ඉදීද?” (කෙසේ නමුත් තමන්ට සර් ජෝන් පහර නොදුන් බව තේමිස්  ඉතා මෑතක දී පුවත්පතකට ප්‍ර‍කාශ කොට තිබුණි)

03. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වෙන අතර තුර ඩඩ්ලි සේනානායක සහ මෛත්‍රීපාල සේනානායකට පහරදීමට උත්සහ දැරීය. ඩඩ්ලි සේනානායක කථා කරමින් සිටින අතර මෛත්‍රීපාල සේනානායක මහතා අසා ඇත්තේ Who? (ඒ කවුද?) කියා ය. නමුත් එය ඩඩ්ලිට ඇසී ඇත්තේ YOU (ඔබ) කියාය. සාමාන්‍යයෙන් ඉතා නිහඩ පුද්ගයෙකු වූ ඩඩ්ලි තමන්ට ඇසුණු දේ වැරදියට වටහා ගැනීමෙන් කෝප වූ නිසා මෙම සිදුවීම සිදුවූ අතර ඉලංගරත්න වැනි කිහිප දෙනෙකු සිද්ධිය වළවක්වා ගෙන ඇත.

04. 1965-70 ආණ්ඩු සමයේ වලපනේ මන්ත්‍රී ටී.බී.එම්.හේරත් හා රඹුක්කන මන්ත්‍රී සමාජ සේවා අමාත්‍ය අශෝක කරුණාරත්න අතර කුල ප්‍ර‍ශ්ණයක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදු විය. සභා ගර්භයෙන් පිටතට පැමිණෙන තෙක් රැක සිටි හැඩි දැඩි අශෝක කරුණාරත්න ශරීර ප්‍ර‍මාණයෙන් කුඩා මිනිසෙකු වූ හේරත්ට සැගවෙන තෙක් පන්න පන්නා පහර දුන්නේය.

05. 1974 දී සෞඛ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. පී.ජී. ආරියදාසට කර්මාන්ත අමාත්‍ය එස්.කේ.කේ.සුරිආරච්චි විසින් සිදු කළ පහරදීක් සිදු විය. එකම ආණ්ඩුවේ අමත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ගුටි ඇණගත් පළමු අවස්ථාව මෙය යි.

06. වාසුදේව නානායක්කාරට ගාමිණී ලොකුගේ අතුළු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවේ දී පහරදෙනු ලැබූවේ වාසුදේව සොන්කෝලය ඔසවාගෙන යාමට උත්සහ දැරීමේ දී ය. 1992-1993 දී එම ප්‍ර‍හාරයට සම්බන්ධ වූ කිහිප දෙනෙකුම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

07. මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් ජාතික හෙළ උරුමය කොළාන්නාවේ සුමංගල හිමියන්ගේ ලිංගික අවයව මිරිකා පහර දෙනු ලැබූවේ ය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වු බලවත්ම ප්‍ර‍චණ්ඩක්‍රියාව එය විය.

08. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීප් සමරසිංහට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍ර‍සන්න රණවීර විසින් 2016 මැයි 4 දින පහරදීම හා පාලිත තෙවරප්පෙරුම සම්බන්ධ වූ ගුටි බැට හුවමාරුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකු ගේ ලේ සෙලවීම සිදු කළ පළමු අවස්ථාව යි.

About lanka

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!