Breaking News
Home / දේශීය පුවත් / ජනක බණ්ඩාර අද මහින්දට වැඳගෙන පොහොට්ටුවේ හිටියට ජනවාරි 8 මහින්දගේ තොරතුරු දුන්නේ ඔහු. බැසිල්ගේ සල්ලි නිසා නැවතුනා – රාජිත

ජනක බණ්ඩාර අද මහින්දට වැඳගෙන පොහොට්ටුවේ හිටියට ජනවාරි 8 මහින්දගේ තොරතුරු දුන්නේ ඔහු. බැසිල්ගේ සල්ලි නිසා නැවතුනා – රාජිත

පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව අප සමග සටනට පිවිසි මන්ත්‍රිවරයෙකු බවත්, පසුව ඔහුගේ තීරණය වෙනස් වූ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා දඹුල්ල ගම්උදා ක්‍රිඩාංගණයේ පැවැති ජන හමුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “මහින්ද රාජපක්ෂ මහතාට 2014 වසරේ දී විරුද්ධ බලවේගයක් නිර්මාණය කරන විට ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා පෙරමුණ ගෙන කටයුතු කළා. ඔහු නිතරම ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව අපි ඒකරාශී විය යුතු බවයි. දිගින් දිගටම එම මතයේ සිටි ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා එම රජයේ දුෂණ වංචා පිළිබද තොරතුරු රැසක් අපට ලබාදුන්නා. රාජපක්ෂවරුන් සිදු කළ ජරා වැඩ ගැන තොරතුරු ලබාදුන්නා. නමුත් අවසානයේ බැසිල් රාජපක්ෂ මහතා මෙම මන්ත්‍රීවරයා හමුවීමට පැමිණියා. ඒ කදමලුත් බැදගෙනයි. කදමලු දැක්කාම තීන්දුව වෙනස් වුනා. ඉන් පසු මෙම මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයට එකතු වුනා. මෙයාගේ පැටිකිරිය ගැන දඹුල්ලේ ජනතාව හොදට දන්නවා.

මෙම ජනහමුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා කුලියාපිටිය නගර මධ්‍යයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් ද අමතන ලදි. එය සංවිධානය කර තිබුනේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතායි. එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසිය.

“ගත වූ කාලය තුල මෙරට බිහි වූ හොදම අධ්‍යාපන අමාත්‍යවරයා තමයි වර්තමාන රජයේ සිටින්නේ. දහනායක මහතා පාසල් දරුවන්ට බනිස් ලබාදුන්නා. වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් දරුවන්ට රක්ෂණ ආවරණයක් ලබාදුන්නා. එය කොතරම් වැදගත් ද, පසුගිය රජය සමයේ පාසල් දරුවන්ට ලබාදුන් නිල ඇදුමෙන් ද ගසා කෑවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත කුලියාපිටිය මුලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. ඒ වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්තවයි. එම රෝහලට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට මම පියවර ගන්නවා.”

About lanka

Check Also

අපේක්ෂකයා එන්නේ කාගේත් එකගත්වයෙන් එජාපයෙන් – එජාප මහලේකම්ගෙන් නිවේදනයක්

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිලිබදවයි. එය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!