Breaking News
Home / ක්‍රිඩා / ඡන්ද ගන්න ලොක්කන්ට සුමතිපාල කෝටිගානක කාර් බෙදයි රිලාසිරි වගේම ෆයිසරුත් පාලට පක්ෂය නාමෙන් ෆුල් සපෝර්ට්

ඡන්ද ගන්න ලොක්කන්ට සුමතිපාල කෝටිගානක කාර් බෙදයි රිලාසිරි වගේම ෆයිසරුත් පාලට පක්ෂය නාමෙන් ෆුල් සපෝර්ට්

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්ට නවීන පන්නයේ මෝටර් රථ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පියවරගෙන තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරනය ඉලක්ක කර ගනිමින් ඔහු මෙසේ කටයුතු කර ඇති බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින්ම පවසන්නේ.

ඉතා නවීන පන්නයේ මෝටර් රථ වර්ග වන සුබාරු මෝටර් රථ සහ පර්ජෝ වර්ගයේ මොටර් රථ හතර බැගින් මෙසේ ත්‍යාග වශයෙන් ලබා දෙන්නට සභාපතිවරයා තීරනය කර තිබෙනවා.

Image result for perjor car
මේ සදහා කෝටි ගණනක මුදලක් වැය වුවත් ඒ සියලු බරපැන ශ්‍රි ලංකා ක්‍රිකට් ගිණුමෙන් ලබාදීමට තිලංග සුමතිපාල මහතා කටයුතු කර තිබෙනවා.

Image result for subaru jeep 2018

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගියදා පැවසුවේ මූල්‍ය අක්‍රමිකතාවන් හැරුනුකොට කිසිදු අවස්ථාවකදී අතුරු කමිටු පත්කරන්නට තමන් කටයුතු නොකරන බවයි.

නමුත් තිලංග සුමතිපාල මහතා සහ වත්මන් ක්‍රිකට් පරිපාලනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තුල සිදුකරන මූල්‍ය වංචාවන් පිලිබදව ක්‍රීඩා අමාත්‍යවරයා හරිහැටි අවධානය යොමු කලොත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට එක් අතුරු කමිටුවක් නොව අතුරු කමිටු දහයක්වත් පත්කිරීමට සිදුවනු ඇති.

sport.lk

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!