චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපති, මිලාන් ස්ටෙච් (H.E. Milan Štěch) මහතා ඇතුළු දූත පිරිස සහ ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (21) දින පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූහ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්රාමාත්ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට චෙක් ජනරජයේ සෙනෙට් සභාවේ යුරෝපා කටයුතු පිළිබද කමිටුවේ සභාපති ටුමාස් ගෘලික් (Hon Tomáš Grulich) මහතා සහ චෙක් ජනරජයේ සෙනෙට් සභාවේ යුරෝපා කටයුතු පිළිබද කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවේ මැතිවරණ කමිටුවේ සභාපති ලුඩෙක් ජෙනිස්ට මහතා (Hon Luděk Jeništa) ඇතුළු දූත පිරිස එක්වූහ