Breaking News
Home / Video / චීන උප ජනාධිපතිවරයා ප්‍රධාන අමුත්තාවූ ‘ආසියාන්’ සමුළුව අගමැති රනිල් අමතයි ඉදිරි වසර 15 දී ආසියාවේ ගැටලුව රාජ්‍ය අංශයේ ආයෝජන බව සමුළුව හෙළිකරයි

චීන උප ජනාධිපතිවරයා ප්‍රධාන අමුත්තාවූ ‘ආසියාන්’ සමුළුව අගමැති රනිල් අමතයි ඉදිරි වසර 15 දී ආසියාවේ ගැටලුව රාජ්‍ය අංශයේ ආයෝජන බව සමුළුව හෙළිකරයි

වියට්නාමයේ පැවැත්වෙන ආසියාන් සමුළුවට ආසියාවේ රාජ්‍යන් 10 කින් නායකයන් සහභාගී වන අතර ලංකාවේ අගමැතිවරයා සහභාගිවන්නේ විශේෂ ආරාධිතයකු වශයෙන් යයි පැවසේ.

මෙම සමුළුවේ විශේෂ අමුත්තා වන්නේ චීන උප ජනාධිපතිවරයායි. ආසියාන් සමුළුවේ අගමැති රනිල් දේශනයක් කල අතර එය ‘පුද්ගලික අංශයේ මුල ධනය එක්රැස් කරගැනීම’ යන ශීර්ෂය යටතේ දේශනය පවත්වා ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ පුද්ගලික හා රාජ්‍ය අංශය එකතු කිරීමට නව එන පනත් ගණනාවක් ගෙන ඇති බවයි. සමුළුවේ සභාපතිවරයාද දේශනයේදී පවසා ඇත්තේ ඉදිරි වසර 15 තුල ආසියානු කලාප වර්ධනය රාජ්‍ය අංශයට පමණක් කල නොහැකි අතර පුද්ගලික අංශය අනිවාර්යෙන් සහභාගී විය යුතුයි යන්නයි.

එසේම අගමැති රනිල් වික්‍රමසිංහ ලාඕසයේ අගමැතිවරයා වියට්නාම අගමැතිවරයා හා ආසියාන් සංවිධානයේ මහලේකම් හා දකුණු කොරියා විදේශ ඇමතිනි සමගද ද්විපාර්ශවිය සාකච්චා පවත්වා තිබෙනවා.

මිට අමතරව ඉන්දුනිශියා ජනාධිපති, මියන්මාරයේ අවුන්සන් සුකී, කාම්බෝජ අගමැති, තායිලන්ත උප අගමැති වරුන්ද මෙම සමුළුව අමතා තිබෙනවා.

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!