Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / චිත්‍රපටයක් කරන්න ගිහින් ටෙලියක් කරපු තරුණයෝ ආදරය කරන “කූඹියෝ”

චිත්‍රපටයක් කරන්න ගිහින් ටෙලියක් කරපු තරුණයෝ ආදරය කරන “කූඹියෝ”

කූඹියෝ” තුමිදු දොඬම්තැන්න කළණ ගුනසේකර ඒ කියන්නේ ජෙහාන් සහ ප්‍රියන්ත මහ උල්පතගම. ටිකක් වෙනස්. ඒ නිසාම වෙනස්ව හිතන තරුණ සමාජය පළවෙනි කොටසින්ම අල්ලගත්ත ටෙලියක්. විශේෂයෙන් වෙනසක් හොයන කොල්ලෝ එක පහරෙන් අල්ලගත්ත තැනක්.

කූඹියෝ ටෙලියක් විදිහියට කරන්න කලින් නිෂ්පාදකත් අධ්‍යක්ෂකත් හිතුවලු මේක සිනමාවට ගේන්න. ඒත් රිස්ක් එක වැඩි නිසා පොඩ්ඩක් පසුබැහැලා ටෙලියෙන් අවදානම අඩුකරගන්න හිතුවා කියලා මේකේ නිශ්පාදකයා ඒ කියන්නේ ජෙහාන් නැත්තම් තුමිදු දොඬම්තැන්නගේ අයියා අසංක දොඬම්තැන්න කියන්නේ. ලංකාවේ ටෙලි හරි චිත්‍රපට හරි තියන තැන අසංකගේ කථාවෙන් අපට තේරෙනවා. රටකට නිර්මාණ අවශ්‍යයි. ඒ මිනිස්සුන්ගේ ආකල්ප දියුණුවට. ඒවා සත්‍ය හෝ උපකල්පනයන් වෙන්න පුළුවන්. සත්‍ය හා කාලීන දේ ආශ්‍රිතව නිර්මාණ කලොත් එයින් අපට සමාජයේ අස්සක්මුල්ලක් නෑර සිදුවන දේ නොදන්න උන්ටත් දන්න උන්ටත් පෙන්නන්න පුළුවන්. ඒක සමහර විට සමාජයේ තිත්ත ඇත්ත නොදන්න බබ්බුන්ට ඇත්ත පෙන්නන ආශ්‍රිත ඇසුරෙන් වූ නිර්මාණ වෙන්නත් පුළුවන්. උපකල්පන සහ ආකල්ප වෙනස් විය යුතුයි යන තැන ඉදන් කරන නිර්මාණ වලින් සමාජයේ වෙනස් විය යුතු දේ සමාජයට සියුම්ව පෙන්වන්න පුළුවන්. මෙය සිනමාවටත් පොදු කාරනයක්.

එහෙත් අපේ රටේ රසිකයාගේ රසවින්දනය ඉන්දීය ෆැන්ටසියෙන් අන්ධ වී සිටින රටේ බහුතරයක් වුන ගැහණු පාර්ශවය මෙවන් පරිකල්පන නිර්මාණ දිරවාගැනීමට හැකිද යන්න දැවැන්ත ප්‍රශ්නයක්. එයට රටේ බලපත්‍ර ගත්ත විද්‍යත් මාධ්‍ය කියන පොර ටෝක් මාධ්‍ය වගකිව යුතුයි. 90 දශකයේ ඉන්දියාවෙන් ආ “ශාන්ති” ගේ සිට අද වන තුරු රටේ ආකල්ප හැගීම් සංස්කෘතියට කල හානිය දැවැන්තයි.

කොහොම වුනත් අසංක සහ කූඹියෝ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නගේ පලවෙනි නිර්මානය විදිහියට සිනාමාවට නොයා ටෙලියක් කිරීමට හෝ ගත් තීරණයට අප එක අතකින් සතුටු වෙන්න ඕන චිත්‍රපටයක් නම් එක දවසෙන් බලලා එවර වෙන නිසා. ඒත් දැන් සති අන්තයට අපේ තරුණ කොල්ලන්ට විශේෂ බලපොරොත්තුවක් තියනවා ඒ සති අන්තය ගෙවෙන්නේ කූඹියෝ එක්ක නිසා. ඒකෙන් පේන්නේ වෙන දෙයක් නෙවෙයි කොයිතරම් නිර්මාණ හිගයකින් පෙලෙන තරුණ කොල්ලො පරපුරක් ඉන්නවද කියන එක. ඉල්ලුමට සැපයුමක් දෙන්න බැරිවුන පොර ටෝක් මාධ්‍ය ලැජ්ජා වෙන්න ඕන. මොකක් වුනත් රූපවාහිනි මහගෙදරට ස්තූතිවෙන්න ඕන ඔවුන්ගෙන් පැයක් සති අන්තයෙන් දීපු එක ගැන.

නිර්මාණකරුවා ආරක්ෂා වෙන්න ප්‍රේක්ශකයා නිර්මාණය වැලදගන්න ඕන. සිනමාව රැකෙන්න සිනමාහලට යන්න ඕන. අපේ රටේ නිර්මාණ සහ ආකල්පමය වශයෙන් බංගවීමට වග කියන්න ඕන පොර ටෝක් විද්‍යත් මාධ්‍ය සහ ප්‍රේක්ශකයන්මයි.

කූඹියෝ ප්‍රධාන චරිත දෙක ජෙහාන් සහ ප්‍රියන්ත ගමත් නගරයත් හරි ලස්සනට එකතු කරලා තියනවා. තව දෙයක් ලංකාවේ වර්ථමාන උපාධිදාරියාට හිමි තැන. ජෙහාන් අති දක්ෂයෙක් එහෙත් ඔහුට රටේ නිසි තැන ලබා දීලා නෑ. රටේ පොරවල් වෙන්නේ පන්දමට සල්ලි වලට හිතවත්කම් මත නැත්තම් ලිංගිකත්වය මත. වැඩ්ඩෝ පාරවල් වල. වර්ග කිලෝමීටර් 65000 වගේ පුංචි රටක කොළඹත් ගමත් අතර තියන පරතරය ප්‍රියන්ත මහඋල්පතගම සහ ජෙහාන්හෙන් අපට පේනවා. ගම සහ කොළඹ අතර මේ තරම් මැජික් එකක් තියනවනම් රටක් දියුණු කරන්න තව කොච්චර කාලයක් යයිද? මේක නෙවෙයිද සත්‍ය?

මේ වර්ථමානයේ නිර්මාණය වූ සමාජ හිතවාදී තිත්ත ඇත්ත කථා කරන, කථාව අඩු, චින්තනයක් ඇති උන්ට පැණි රස, සංගීතයත් ජීවිතයත් ගලපන්න දර්ශන මවන පුංචි පිරිසකගේ දැවැන්ත නිර්මානයක්. සමාජ ජාල වල මේ නිර්මාණයට ඇති ලව් එක දැක්කමවත් පොර ටෝක් මාධ්‍ය සමාජයේ චින්තනය ගැන පොඩ්ඩක් හරි හිතුවොත් හොදයි කියලයි කියන්න තියෙන්නේ. ගැලරියට නිර්මාණ කිරීම හෝ නිර්මාණ ආනයනය නොවෙයි රටක කලාව කියන්නේ. රටේ පරිකල්පනය හා රටේ අනාගත මාවත තීරනය කරන අති දැවැන්ත විශයක් බව තේරුම් ගන්න පොර ටෝක් මාධ්‍ය වල ලයිට් අල්ලන් ලොක්කට දීලා උඩට ගිය ඔස්තාර්ලට තේරෙනවද කියන එකනම් අපි දන්නේ නෑ.

අසංක, ලක්මාල්, කලණ, තුමිඳු මේ වගේ නිර්මාණ කරන්න උබලට ශක්තිය ධෛරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒවට පට්ට ලව් කරන පිරිසක් තාම සමාජයේ උබල වෙනුවෙන් ඉන්නවා කියන එක මතක් කරමින්.

Article14.news Editor

නිෂ්පාදක අසංකගේ සාකඡ්චාවක් පහතින්..

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!