Breaking News
Home / ක්‍රිඩා / චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කරයි

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කරයි

අද(8) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණු කරු ලෙස නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඔහු ලබන 20 වනදා වැඩ බාර ගැනීමට නියමිතයි.

49 හැවිරිදි හිටපු ආරම්භක පිතිකරු එක්සත් අරාබියේ පුහුනුකරු ශ්‍රී ලංකා ඒ පුහුණුකරු ශ්‍රී ලංකා සහය පුහුණුකරු නිව් සවුත්වෙල්ස් පුහුණුකරු බංගලාදේශ් ප්‍රධාන පුහුණු කරු චන්දික හතුරුසිංහගේ පලමු නිබන්දනය වන්නේ ජනවාරි බංගලාදෙශ සංචාරයයි. ඔක්තෝබර් වන තෙක් බංගලාදේශයේ පුහුණුකරු වූ ඔහුගේ පලමු කාර්යය තමාගේම කණ්ඩායම පරාජය කිරීමයි. එය දෛවෝපගත සිදුවීමකි.

2007 ශ්‍රී ලංකා ඒ පුහුනුකරු වූ හතුරු 2009 ද. අප්‍රිකා සංචාරය ඉහලින් නිම කිරීමෙන් පසු එවකට නායක සංගක්කාරගේ ඉල්ලීමක් මත ශ්‍රී ලංකා කන්ඩායමේ සහය පුහුනුකරු ලෙස පත් කරගන්නවා.

2011 ලෝක කුසාලනයෙන් පසු ට්‍රේවර් බේලිස්ගේ ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා පුහුනුකරු වීමට බලාපිරොත්තුවෙන් හිටියත් එවකට පාලනයේ සිටි සභාපති ඩීඑස් ද සිල්වා හා ලේකම් නිශාන්ත රනතුංග විසින් හතුරුගේ සේවය අත් හිටවනවා. ඒ ඕස්ට්‍රේලියාවේ පුහුණු සැසියකට සහබාගිවීමට ගිය කුහකත්වය පිරිමහ ගැනීමට.

ඉන් අනතුරුවයි ලංකාව අත හැර ඕස්ට්‍රෙලියාවේ පදිංචියට හතුරු යනු ලබන්නේ. ඉන් පසු අදටත් ඔහු ඕස්ට්‍රලියාවේ පුරවැසියෙක්. එහිදී වත්මන් ඕස්ට්‍රලියා නායක ස්මිත්ගේ නිව් සවුත්වෙල්ස් කණ්ඩායමේ පුහුණුකරුවී පසුවයි බංගලි හිටපු නායක කලීඩ් ඔහු බංගලාදේශයට රැගෙන යන්නේ. ස්මිත් පන්දු යවන්නෙකු ලෙස අද ටෙස්ට් අංක එකේ පිතිකරු වූයේ හතුරුගේ මග පෙන්වීම මත බවයි සදහන් වන්නේ.

එවකට ශ්‍රී ලංකා ඒ සිටි ඇන්ජලෝ දිනේශ සහ සුරංග අද වන විට ජාතික කණ්ඩායමේ සිටීම මේ පාර්ශව දෙකටම පහසුවක් වනවා. ඒ වගේම ජේශ්ඨ ක්‍රීඩක උපුල් තරංග හේරත් වැනි ක්‍රීඩකයන්ද එදා ජාතික කන්ඩායමේ සිටියේ හතුරු සහය පුහුනුකරු වී සිටියදී.

About article14_2

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!