Breaking News
Home / ක්‍රිඩා / චන්දික ශ්‍රී ලංකා කණ්ඩායමට දගපන්දු විශේෂ පුහුණුකරුවකු ඉල්ලයි ඒත් මුරලි චන්දන වැනි ය සිටියදී විදෙස් අයෙක් ගැන අවධානය

චන්දික ශ්‍රී ලංකා කණ්ඩායමට දගපන්දු විශේෂ පුහුණුකරුවකු ඉල්ලයි ඒත් මුරලි චන්දන වැනි ය සිටියදී විදෙස් අයෙක් ගැන අවධානය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ වෙනස් කම් ගණනාවක් සිදුවූ අතර ප්‍රධානම වෙනස වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ වැඩ බාර ගැනීමය.

ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස සිටි සයිමන් විලිස් එම තනතුරෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්වූ අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක වැඩ බාරගත් අතර මේ සියල්ල සිදුවුයේ කණ්ඩායමේ සිදුවූ වෙනස් කම් වලට අමතරවය.

Image result for chandika hathurusingha

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ජාත්‍යන්තර තරඟ නොමැති කාලයක් පසු කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟ සංචාරය කොදෙව් කණ්ඩායම සමඟින් වන අතර එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහා මේ වන විටත් සුපිරි පළාත් සිව්දින තරඟාවලියක් ක්‍රියාත්මක වනවා.

මේ ආකාරයෙන් ක්‍රීඩකයන් සෙවීම ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට නව දඟ පන්දු යවන පුහුනුකරුවෙක්ද බඳවා ගැනීමට සුදානමක් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු ලෙස පියල් විජේතුංග කටයුතු කල අතර නව පුහුණුකරු ලෙස විදෙස් පුහුණුකරුවෙකු බඳවා ගැනීමට වැඩි අවධානයක් යොමුවී ඇති බවද අයිලන්ඩ් වෙබ් අඩවිය පසුගියදා වාර්තා කර තිබිණි.

ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ඉල්ලීමක් අනුව මෙලෙස ශ්‍රී ලංකා දඟ පන්දු අංශයේ කුසලතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා බවද වාර්තා වේ.

About article14

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!