Breaking News
Home / ක්‍රිඩා / “චන්දික බංගලියන්ට කල සේවය ඔවුන් සදාකල් මතක තබාගත යුතුයි චන්දික ගත්ත තීරණය හරි” – හතුරුගේ හිටපු වේග පන්දු පුහුණුකරු හිත් ස්ට්‍රික්

“චන්දික බංගලියන්ට කල සේවය ඔවුන් සදාකල් මතක තබාගත යුතුයි චන්දික ගත්ත තීරණය හරි” – හතුරුගේ හිටපු වේග පන්දු පුහුණුකරු හිත් ස්ට්‍රික්

Image result for heath streak in bangladesh

බංගලාදේශ කණ්ඩායම අතහැර ශ‍්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීම සදහා තෝරාගැනීම චන්දික හතුරුසිංහ ගත් නිවැරදි තීරණයක් බව සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක‍්‍රීඩක හීත් ස්ට‍්‍රික් පවසනවා.

හතුරුසිංහ බංලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස වැඩභාරගෙන මාසයක් වැනි කාලයක් ඇතුළත ස්ට‍්‍රික් එම කන්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්වු අතර ඔහුගේ ගිවිසුම අවසන් වීමෙන් පසු ස්ට‍්‍රික් 2016 වර්ෂයේ මැයි මාසයේ එම ධූරයෙන් ඉවත් විය

චන්දික හතුරුසිංහ බංගලාදේශයේ දකුණු අප‍්‍රිකානු සංචාරයේදී පුහුණුකාර ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ අතර එම තරගාවලියේ සියලු තරගවලින් පරාජයට පත්වීමට බංගලාදේ්ශ කණ්ඩායමට සිදුවිය.

‘චන්දික කියන්නේ ශ‍්‍රී ලාංකිකයෙක්..තමන්ගේ රටට පුහුණුකරන්න තියනවා කියන්නේ ලොකු දෙයක්..මට විශ්වාසයෙන්ම කියන්න පුලුවන් බංගාලදේශයේ පුහුණුකරුත් අනෙක් පුහුණුකරුවනුත් තමන්ගෙ රට වෙනුවෙන් එම අවස්ථාව ලැබුනොත් මම හිතන්නේ නෑ ඒ ඉල්ලීම අහක දමයි කියලා. ‘යැයි සිම්බාබ්වේ පුහුණුකරුවා ඩකාහි මීර්පූර්හි ක‍්‍රීඩාංගනයේ අද පැවැති මාධය හමුවකදී පැවසීය.

Image result for heath streak and hathurusingha in bangladesh

‘හතුරුසිංහ බංගලාදේශය වෙනුවෙන් විශාල සේවයක් කලා..ඔහු යටතේ කණ්ඩායම ලබපු සාර්ථකත්වය මිනිස්සුන් අමතක නොකළ යුතුයි.’යැයිද වැඩි දුරටත් පැවසීය

හතුරුසිංහ බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත්වීමෙන් පසු මුහුණදෙන පළමු සංචාරය වන අතර තුන්කොන් තරගාවලියෙන් පසුව බංගලාදේශ කණ්ඩායම සමග ටෙසට් තරග 02කට හා විස්සයි විස්ස තරග 02කට සහභාගී වීමට නියමිතව ඇත

internet

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!