Breaking News
Home / ක්‍රිඩා / චන්දික කුසල්ව ආරම්බක පිතිකරු කලේ බංගලි දගපන්දු යවන්නන්ට පහර දෙන්න. එනිසා දිගටම එයා එතන ගහයි කියන්න අපට බැ – තිලාන්

චන්දික කුසල්ව ආරම්බක පිතිකරු කලේ බංගලි දගපන්දු යවන්නන්ට පහර දෙන්න. එනිසා දිගටම එයා එතන ගහයි කියන්න අපට බැ – තිලාන්

Image result for kusal mendis with thilan

කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවා ලෙස යොදා ගැනීම බංගලාදේශ සංචාරයේදී ගත් උපක‍්‍රමික තීරණයක් බවත් එම තීරණය ඉදිරියටත් ක‍්‍රියාත්මක වේද යන්න තමාට නිශ්චිතවම පැවැසිය නොහැකි බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා.

ඉන්දියානු සංචාරයෙන් ඉවත්ව සිටි කුසල් මෙන්ඩිස් බංගලාදේශ තරග සංචාරය සදහා කැදවූ අතර එහිදී ආර්ම්භක පිතිකරු වශයෙන් ටෙස්ට් තරගාවලියේ ලකුණු 196ක් ලබා ගැනීමටත් විස්සයි විස්ස තරගාවලියේ අර්ධශතක දෙකක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගැනීමටත්  සමත්විය.

‘මම සහතික වෙන්න බෑ කුසල් ඉදිරියේදී ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරයි කියලා.බංගලාදේශ කණ්ඩායමේ ගොඩක් දුරට පවතින්නේ දග පන්දු යවන්නන්ගෙන්.ඒක නිසයි අපි බංගලාදේශයේදී ඔහුව ආරම්භක පිතිකරු ලෙස යොදවාගත්තේ..පුහුණුකරු මෙන්ඩිස් සමග සාකච්ජා කරලා තමයි ඒ තීරණය ගත්තේ.දගපන්දුවට පහරදෙන ලංකාවේ ක‍්‍රීඩකයින් අතර මෙන්ඩිස් හොදම ක‍්‍රීඩකයින් තුන්දෙනා අතර ඉන්නවා.ඒක නිසයි අපි ඔහුව ආරම්භක පිතිකරු ලෙස යොදාගත්තේ.;

එහිදී තිලාන් පවසා සිටියේ මෙන්ඩිස්ගේ පිිතිකරණයේ යම් වෙනස්වීම් කිහිපයක් කළ බවත් එය ඔහුගේ සාර්ථකත්වය හේතුවක් වී ඇති බවයි.
මේ අතර ටෙස්ට් තරගාවලියේ දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා වූ රොශේන් සිල්වා පිලිබදව තිලාන් සමරවීමට අදහස් දක්වා සිටි අතර ඔහු පවසා සිටියේ රොශෙන් අත්දැකීම් බහුල ක‍්‍රිඩකයකු බවයි

‘ඔහු මනසින් ගොඩක් ශක්තිමත්..රොශෙන් අවුරුදු 10ක් විතර පළමු පෙල තරග ක‍්‍රීඩා කරල තියනව වගේම එංගලන්ත ප‍්‍රාන්ත තරගවලත් ක‍්‍රීඩා කරල ඔහුට අත්දැකීම් තියනවා.’

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!