Breaking News
Home / ක්‍රිඩා / චන්දික අපට නැතිවීම අමතර පීඩනයක් කරගන්නේ නෑ ද.අප්‍රිකාවේදි වැටුන මානසිකත්වය මේ තරගාවලියෙන් හදාගන්නවා – මොටාසා

චන්දික අපට නැතිවීම අමතර පීඩනයක් කරගන්නේ නෑ ද.අප්‍රිකාවේදි වැටුන මානසිකත්වය මේ තරගාවලියෙන් හදාගන්නවා – මොටාසා

බංගලි එක්දින නායක මොටාසා පවසන්නේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ බංගලි තුන්කොන් තරගාවලිය වැදගත්වන්නේ ඔවුන් ද. අප්‍රිකාවේ ලද දරුනු පරාජය මකාගෙන නැවත ශක්තිමත් වීමට බවයි.

ද. අප්‍රිකාවේ ලද පරාජය ගැන ඉතාම කණගාටුවෙන් හා මානසිකව ඉතා පහත වැටීමෙන් සිටින බව බංගලි නායකයා පවසනවා. අවසන් වසර තුනේ ජයග්‍රහන දෙස බැලූ විට පෙනෙන විශේෂ කාරණය වේග පන්දු යවන්නන්ගේ ශක්තිය බව පවසන මොටාසා ද. අප්‍රිකා තරගාවලියේ ඔවුන් අසාර්ථක වීම පරාජයන්ට බලපෑ බවයි ඔහුගේ අදහස.

ඔවුන්ගේ වේග පන්දු යවන්නන් කොතරම් හොඳ වුවත් එක දිගට තරග 10 ක් 12 ක් ඒ සාර්ථකත්වය ගෙනයාමට නොහැකිවීම නිසා ජයග්‍රාහි මාවතට බලපෑමක් වී ඇති බවයි නායකයාගේ අදහස.

හිටපු පුහුණුකරු චන්දික නොමැති වීම ගැන අමතර පීඩනයක් ලෙස නොගෙන කලීඩ් මහමුඩ් හා සහය පුහුණුකරු සමග තමන්ද එකතු වී කණ්ඩායමේ පුහුණුවීම් හා සැලසුම් ක්‍රීයාත්මක කරන බව මෝටසා පවසනවා. මේ වන විට පාවත්වාගෙන යන ක්‍රමයේ වෙනසක් කිරීමට කිසිම අදහසක් නැති බවයි ඔහු පවසන්නේ.

බංගලි ප්‍රභල පිතිකරුවකු වන සබීර් රෙහෙමාන්ට මාස හයක තරග තහනමක් සහ දඩයක් ලබා දී තිබෙනවා. ඒ දේශීය තරගාවලියක ප්‍රේක්ශකයකු සමග ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන්. අවසාන වශයෙන් බංගලි නායකයා පවසන්නේ මෙය හොඳ පාඩමක් බවත් ජාතික ක්‍රීඩකයකු වූවාම වගකීමකින් ජීවත් විය යුතු බවයි.

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!