Breaking News
Home / ක්‍රිඩා / චන්ද්‍රිකාගේ කාලේ වැඩ පෙන්නපු ක්‍රීඩා ඇමති කරන්න සූදානමක්

චන්ද්‍රිකාගේ කාලේ වැඩ පෙන්නපු ක්‍රීඩා ඇමති කරන්න සූදානමක්

සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කිරීමේ සුදානමක් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ වන විට ක්‍රිකට්, රගර්, හොකී ඇතුළු ක්‍රීඩා ගණනාවක් පසුගාමී තත්ත්වය තිබිම ඊට හේතුවයි.

කෙසේ නමුත් මේ වන විට ක්‍රීඩා අමාත්‍ය ධුරය දරනු ලබන්නේ දයාසිරි ජයසේකර විසිනි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පත් කල යුත්තේ ශ්‍රීලනිපයෙනි.

එස්.බී.දිසානායක චන්ද්‍රිකා පාලන සමයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර එකල මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය යහපත් තත්ත්වය තිබු බව පැවසේ.

Infosrilanka

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!