Breaking News
Home / Video / ගෝල 1400 ක් ලබා ඇති ලොව වටිනාම ක්‍රීඩකයන් දෙදෙනා එකම දිනයේ ලෝක පාපන්දුවෙන් අවිනිශ්චිත ලෙස සමුගනියි. මෙසී සහ රෝනල්ඩෝ ගෙදර

ගෝල 1400 ක් ලබා ඇති ලොව වටිනාම ක්‍රීඩකයන් දෙදෙනා එකම දිනයේ ලෝක පාපන්දුවෙන් අවිනිශ්චිත ලෙස සමුගනියි. මෙසී සහ රෝනල්ඩෝ ගෙදර

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වඩාත් අවධානය දිනාගත් ඊයේ (30) දෙවන තරගයත් තියුණු එකක් වුනා.

ඒ පිළිමළුන් පිටුදැකීමේ සුපිරි 16 දෙනාගේ වටයෙහි පෘතුගාලය සහ උරුගුවේ අතර තරගයයි. සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ පෘතුගාල කණ්ඩායම මෙහි දී අනපේක්ෂිත ලෙස පරාජයට පත් වූ අතර උරුගුවේ කණ්ඩායම ජයගත්තේ ගෝල 2-1ක් ලෙසයි.

එමෙන්ම රොනාල්ඩෝ හට එකදු ගෝලයක් හෝ වාර්තා කරගැනීමට නොහැකි වීම ද මෙහි දී කැපී පෙණුනා. උරුගුවේ කණ්ඩායම වෙනුවෙන් ගෝල දෙකම වාර්තා කළේ එඩින්සන් කවානි විසින්.

Image result for portugal vs uruguay

කෙසේ වෙතත් ගෝල දෙක ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට ක්‍රීඩාගාරයට වී සිටීමට සිදුවූයේ පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන්. පෘතුගාල ක්‍රීඩක පෙපේ සිය කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් ලබාගත්තා.

අවසාන මොහොතේ ගෝලයක් ලබාගනිමින් සම තත්ත්වයට පත් කරගැනීමට පෘතුගාලය දැඩි උත්සාහයක නිරත වූවත් එම සියළු උත්සාහයන් ව්‍යර්ථ වූයේ උරුගුවේ ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාසයන් හමුවේයි. උරුගුවේ කණ්ඩායම ලැබූ ජයග්‍රහණයත් සමග පෘතුගාලය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වෙනවා.

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ලොව වටිනාම ක්‍රීඩකයන්ගෙන් එක අයෙක් වෙන අතර මේ වන විට ඔහු 33 වන වියේ පසුවන නිසා තවත් ලෝකකුසාලනයක් ක්‍රීඩා නොකරනු ඇතියි විචාරකයන් පවසනවා. එසේ වුවොත් මේ ලොව කීර්තිමත් ක්රිදකයෙක්ගේ නිමාවයි.

අන්තර්ජාල වාර්තා අනුව ඔහු ගෝල 654 කට වඩා ලබා ඇති අතර පෘතුගාලය වෙනුවෙන් ගෝල 81+ ලබා තිබෙනවා. එහිදී ගෝල 3 බැගින් තරගයක ලබා ගත් අවස්ථා 50 ක් වාර්තා වනවා.

තරගාවලිය ඇරඹෙද්දී ලොවම බලාපොරොත්තු තබා සිටි ජර්මනිය, ආජන්ටිනාව සහ පෘතුගාලය ආදී ප්‍රබල කණ්ඩායම් මෙලෙස ඉවත් වී යාම කැපී පෙනෙන්නක් වී තිබෙනවා.

ලොව වටිනාම ක්‍රීඩකයන් දෙදෙනා එකම දිනයේදී තරග දෙකකදී ලෝක පාපන්දුවෙන් සමුගැනීමට සිදු වීම දෛවෝපගතයි. ඒ මෙසී සහ රොනල්ඩෝ. මෙසී තම ජිවිතයේ ගෝල 747 ක් දල වශයෙන් ලබා ඇති අතර රෝනල්දෙගේ 654 ත් සමග දෙදෙනා දල වශයෙන් ගෝල 1400 කට වඩා ලබා තිබෙනවා.

මේ ප්‍රංශය හා ආර්ජන්ටිනාව අතර තරගයේ විස්තරය

සුපිරි 16 වටය අරභමින් පැවති ප්‍රංශය හා ආර්ජන්ටිනා අතර තරගය අද (30) පළමු තරගය ලෙස පැවැත්වූ අතර 4-3 ලෙස තරගය ජය ගන්නට ප්‍රංශය සමත වුනා.

මුලින්ම 13 වන විනාඩියේදී ප්‍රංශය ගෝලයක් ලබා ගත අතර 41 වන විනාඩියේදී ආර්ජන්ටිනාව තරගය සම කරගෙන පළමු භාගය නිමා කරගත්තා. එහෙත් දෙවන භාගයේ 48 වන මිනිත්තුවේ ආර්ජන්ටිනාව ගෝලයක් ලබාගෙන තරගය තමන් අතට ගත්තා.

ඉන් විනාඩි 9 ක් යන තැන 57 වන මිනිත්තුවේ පවාර්ඩ් ලබා ගත් සුපිරි ගෝලයක් නිසා තරගය නැවත සම වුනා. පසුව නැවත ප්‍රංශය 64 විනාඩියේ ප්‍රංශ සුපිරි ක්‍රීඩකයකු වන පෙපෙ ලබාගත් ගොලය නිසා ප්‍රංශය ඉදිරියට ඇවිත් ඔහු විසින්ම 68 වන මිනිත්තුවේ ලබාගත් ගෝලය සමග ආර්ජන්ටිනාවේ බලාපොරොත්තු බිද දැමුවා.

එහෙත් ආර්ජන්ටිනාව විනාඩි 90 අවසන් වී අවසන් මොහොතේ අමතර කාලයේදී 93 වන විනාඩියේ ගෝලයක් ලබාගෙන අවසාන තප්පර කිහිපයේ ගෝල උත්සහයක් කලත් එය සාර්ථක නොවූ නිසා තරගය පරාජය වනවා.

Image result for france vs argentina

තරගය දැඩි තරගකාරී හා උණුසුම් තරගයක් වූ අතර අවසන් මිනිත්තු කිහිපයේ පිටිය මැද කලහාකාරී තත්වයක්ද නිර්මාණය වීමට ගියා. කෙසේ වෙතත් ආර්ජන්ටිනාවේ තරගාවලිය පුරා දුටු දුර්වල ආරක්ෂක උපක්‍රම අද ඉතා දුර්වල ලෙස දැකගත හැකිවුනා.
.
කිහිප වතාවක්ම ප්‍රංශ දල ආක්‍රමණයට උත්සහා කලත් ඒ හැමවතාවකම දැඩි ආරක්ෂක වළල්ලක් ප්‍රංශය දුන් අතර ආර්ජන්ටිනාව අසරණ වුවා.

Image result for france vs argentina

ලොව වර්තමානයේ වටිනාම ක්‍රීඩකයා ලෙස සලකන 31 වන වියේ පසුවල ලියෝනල් මෙසී මේ තරගයෙන් පසු ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි විචාරකයන් පවසනවා. ඒ නැවත ලෝක කුසලානයක් වන විට 35 වන වියේ පසුවන නිසා. එහෙත් ඒ පිළිබද නිල වාර්තාවක් සදහන් වන්නේ නැ. නැවත ඔහුට ලෝක කුසලානයක් ක්‍රීඩා කල නොහැකි වුවත් නැතත් ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරනවාද යන්න තවමත් වාර්තා වන්නේ නැ.

මෙසී යනු ලොව වටිනාම ක්‍රීඩකයෙක් වන අතර ඔහු පළමු ලෝක කුසලානයට සහභාගී වන්නේ 2006 දී. ඔහු ලෝක කුසලාන 4 කදී ගෝල 6 ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. මෙසී ආර්ජන්ටිනාවට හා බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගෝල 600 ක් හා ජිවිතයේ ගෝල 747 ලබා ඇති බවයි අන්තර්ජාලය වාර්තා කරන්නේ.

තරගයේ විශේෂ අවස්ථා

About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!