Breaking News
Home / දේශීය පුවත් / ගෝලීය ආර්ථික අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීමට ලංකාවේ මුදල් අමාත්‍යංශය ඇතුළු ආර්ථිකයට සම්බන්ධ සියලු අමාතංශ හා ආයතන එක තැනකට ගෙනෙයි

ගෝලීය ආර්ථික අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීමට ලංකාවේ මුදල් අමාත්‍යංශය ඇතුළු ආර්ථිකයට සම්බන්ධ සියලු අමාතංශ හා ආයතන එක තැනකට ගෙනෙයි

දිනෙන් දිනම උග්‍රවන ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම සම්බන්ධ අමාත්‍යාංශ සහ සියළුම ආයතන එක යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක කරවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම තිරණය ගනු ලැබුවේ නෝර්වේ සහ බි්‍රතාන්‍ය සංචාරයට පිටත්ව යාමට පෙර රජයේ අමාත්‍යාංශ ප්‍රධානින් හා නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

රජයගත් ඉහත තීරණයට අනුව මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට අදාළ ආයතන, ශ්‍රී ලංකා මහ බැංකුව හා ඊට අයත් ආයතන සියල්ල එක් අරමුණක් ඇතිව තනි යාන්ත්‍රණයක් ඔස්සේ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිතය.

ඉහත යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය තමන් දිවයිනට පැමිණෙන විට සකස්කර අවසන් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා අමාත්‍යාංශ හා ආයතන ප්‍රධානින්ට උපදෙස් දෙනු ලැබීය.

ඊට අමතරව ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශයන්හි කාර්යභාරය අවසන්වී ඇතත් මෙතෙක් ප්‍රමාදව පවතින ආයෝජන ව්‍යාපෘති සියල්ලක්ම මාස 3 ක් ඇතුළත ආරම්භ කිරිමට අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ය.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!