Breaking News
Home / දේශීය පුවත් / ගෝඨාබය රාජපක්ෂ තවමත් ශ්‍රී ලංකා පුරවසියෙක්ද ඓතිහාසික තීන්දුව අද සවස 6 ට

ගෝඨාබය රාජපක්ෂ තවමත් ශ්‍රී ලංකා පුරවසියෙක්ද ඓතිහාසික තීන්දුව අද සවස 6 ට

ගෝටාබය රාජපක්ෂගේ පුරවැසිබාවය පිළිබද උසාවි තීන්දුව අද පස්වරු 6 ට පමණ ලබා දීමට සුදානම් බව සදහන් වනවා. දින 3 ක් තිස්සේ විභාග වූ මෙම නඩුව ගෝටාභය ශ්‍රී ලංකා පුරවැසිබාවය නිසිලෙස ලබාගෙන නොමැති බවයි චෝදනාව වන්නේ. සංචාරක විසා මත පැමිණ එක වරම මහින්ද ජනාධිපති වූ පසු දෙවන දිනයේදී ද්විත්ව පුරවැසිකම ලබා ඇති බවත් චෝදනාවක් වනවා.

ගෝඨාබය මහතා ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පිලි නොගතහොත් ඔහු ලෝකයේ විශේෂ අවස්ථාවකට මුහුණ දෙන අතර එවිට ඔහු දේශයක් නොමැත්තේ එනම් stateless බවට පත්වනවා. මෙසේ සිදුවූ ලොව කිහිප දෙනකු ඇති අතර ඔහු ඇමරිකන් පුරවැසිබාවය නිසිලෙස ඉවත් කරගෙන නොමැතිනම් ඔහුට නැවත ඇමරිකන් පුරවසියෙක්ද විය හැකි. එසේ නොමැති වුවොත් ඔහුට පුරවසිකමක් මව්බිමෙන් ගැනීමට නැවත ක්‍රියා පටිපාටියකට යන්නට වනවා.

එවන් පසුබිමක් තුල චමල් රාජපක්ෂද පොහොට්ටුවේ රියර් අද්මිරාල් සරත් විරසේකාරද ජයන්ත කැටගොඩද ඇප තැන්පත් කර තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය සදහා ස්වාධීනව තරග වැදීමට අපේක්‍ෂාවෙන් සිටින පාර්ලිමේන්තුවේ වත්මන් සහ හිටපු මන්තී‍්‍රවරුන් පිරිසකට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඊට අදාළ අවසර හිමි ලිපි නිකුත් කර තිබෙනවා.

ඒ අතර චමල් රාජපක්‍ෂ සහ කුමාර වෙල්ගම යන වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන බවයි පාර්ලිමේන්තුවේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ. එමෙන්ම ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොල, සමරවීර වීරවන්නි සහ අශෝක වඩිගමංගාව යන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ස්වාධීන අපේක්‍ෂකයන් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රියර් අද්මිරාල් සරත් වීරසේකර සදහා ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස ස්වාධීනව ඉදිරිපත්වීම සදහා අවසර හිමි ලිපිය නිකුත් කර තිබෙනවා. මෙම හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා අදාළ ලිපි නිකුත් කර ඇත්තේ ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්තී‍්‍රවරුන් ලෙස සනාථ කරමින්.

පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි, එම් එල් ඒ එම් හිස්බුල්ලා, පියසිරි විජේනායක යන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටද අදාළ අවසර ලිපි නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් විය හැක්කේ ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස පමණයි. ඒ සදහා ඔවුන් පාර්ලිමේන්තුවෙන් අවසර ලබා ගතයුතු වනවා.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!